පාකිස්ථානයේ සිට ක්‍රියාත්මක වන 23ක් ඉන්දියාව ත්‍රස්තවාදීන් ලෙස නම් කෙරේ

ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නීතිවිරෝධී ක්‍රියා වැළැක්වීමේ පනත යටතේ පාකිස්ථානය පදනම් කරගෙන ක්‍රියාත්මක වන පුද්ගලයන් 23 දෙනෙක් ‘ත්‍රස්තවාදීන්’ ලෙස අලුතින් නම් කර තිබෙනවා.

ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙමින් විවිධ කඩාකප්පල්කාරී සහ ත්‍රස්තවාදී ක්‍රියාවලට සෘජුවම සම්බන්ධ පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් වන්නේ.

මෙලෙස කළු ලැයිස්තුවට ඇතුළත් කරන ලද පිරිස අතර ලෂ්කර්-ඊ-තායිබා (LeT), ජයිෂ්-ඊ-මොහොමඩ් (JeM) සහ හිස්බුල් මුජාහිඩීන් (HM) වැනි තහනම් ත්‍රස්තවාදී සංවිධානවල ඉහළ පෙළේ සාමාජිකයන් සහ සම්බන්ධීකාරකවරුන් පිරිසක් සිටිනවා.

ජම්මු-කශ්මීරය ඇතුළු ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල සිදුවූ දරුණු ගණයේ ත්‍රස්ත ප්‍රහාර සැලසුම් කිරීම, ජාත්‍යන්තර මට්ටමින් අරමුදල් රැස්කිරීම, තරුණයන් ත්‍රස්තවාදය සඳහා බඳවා ගැනීම සහ දේශසීමා හරහා නීතිවිරෝධී ලෙස අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් මොවුන්ට එරෙහිව බරපතළ චෝදනා එල්ල වී තිබෙනවා.

මෙම නීතිමය පියවර ඔස්සේ අදාළ පුද්ගලයන්ට අයත් ඉන්දියාව තුළ පවතින ඕනෑම දේපළක් හෝ මූල්‍ය වත්කමක් තහනම් කිරීමට සහ රාජසන්තක කිරීමට ආරක්ෂක අංශවලට පූර්ණ බලය හිමිවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37