පාකිස්ථානයේ ඉහළ යන උද්ධමනය හමුවේ විරැකියාවත් ඉහළට

ඉන්ධන සහ ගෑස් මිලෙහි මෑත කාලීන වැඩිවීම පාකිස්ථානය තුළ අතිශයින්ම උද්ධමනකාරී තත්ත්වයක් මතු කිරීමට හේතුවී තිබෙනවා.

එය එරට මිලියන 225ක් පමණ වන පාකිස්ථානුවන්ගෙන් අතිමහත්  බහුතරයකට බලපෑම් එල්ල කරනු ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්ධන ආදියේ මෙම ඉහළ යෑමවලට අමතරව ඉහළ ගිය විදුලි ගාස්තු, විකුණුම් බද්දේ සියයට එකක වැඩිවීම යන කරුණු පාකිස්ථාන පාරිභෝගික උද්ධමනයට තවදුරටත් බලපෑම් එල්ල කරමින් දැනට සියයට 27.5ක මට්ටමේ පවතින උද්ධමනය සියයට 30 දක්වා ඉහළ නංවනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

පාකිස්ථානු රජයේ පුරෝකථනයන්ට අනුව ජුනි මාසයෙන් අවසන් වන මෙම මූල්‍ය වර්ෂයේ දී දළ දේශීය නිෂ්පාදිතය සියයට 1.5 කින්වත් වර්ධනය නොවිය හැකියි.

මේ හමුවේ ඇති ප්‍රබල අභියෝගය වන්නේ ආර්ථිකය හැකිළිිීමත් සමග පාකිස්ථානුවන්ගේ විරැකියාව ඉහළ යාමයි.

දැවැන්ත රැකියා විරහිතභාවයේ, දරිද්‍රතාවයේ සහ සාගින්න වැඩිවීමේ ප්‍රතිවිපාක මොනවාද සහ එය කෙතරම් දරුණු වනු ඇත්ද යන්න බලධාරීන් හමුවේ ඇති බරපතළ ගැටලුවක් වී තිබෙනවා.

විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ සියලු පාර්ශ්වකරුවන් හැකි ඉක්මනින් යම් එකඟතාවකට පැමිණ ආර්ථිකය කඩාවැටීමෙන් බේරා ගැනීමට සහ හැකිතාක් දුරට මිනිසුන්ගේ දුක් වේදනා අවම කිරීමට ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම ප්‍රබල අවශ්‍යතාවක් බවයි.

ජූලි මස සිට දෙසැම්බර්  මස දක්වා වන 2022  මූල්‍ය වර්ෂයේ පළමු භාගයේදී, පවතින ගෙවුම් ශේෂ අර්බුදය මධ්‍යයේ මහා පරිමාණ නිෂ්පාදන 3.7% කින් පහත වැටී තිබෙනවා.

රෙදිපිළි අංශය, මෝටර් රථ සහ ඖෂධ ඇතුළු මහා පරිමාණ නිෂ්පාදන කර්මාන්ත නවයක් සිය නිෂ්පාදනයේ වාර්ෂික ඉලක්කය ඉලක්කම් දෙකක අඩුවීමක් වාර්තා කළා.

සෑම දිනකම ව්‍යාපාර වසා දැමීම හෝ මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීම හෝ නිෂ්පාදනය නැවත පරිමාණය කිරීම මගින් පිළිබිඹු වන්නේද පාකිස්ථානයේ විරැකියාව ඉහළ යාමයි.

වත්මන් උද්ධමන ක්‍රියාමාර්ග හඳුන්වා දීමට පෙර පවා, ලෝක බැංකුව අනාවැකි පළ කර තිබුණේ පකිස්ථානයේ මිලියන 73ක ශ්‍රම බලකායෙන් සියයට 8.5ක් හෙවත් මිලියන 6.205ක ජනතාවක් මෙම මූල්‍ය වර්ෂය තුළ රැකියාවලින් බැහැරව සිටිනු ඇති බවයි.

රැකියා විරහිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට ශ්‍රම බලකායෙන් 10% ඉක්මවා යනු ඇති බවට ව්‍යාපාරික නායකයින් සහ විශ්ලේෂකයින් පුරෝකථනය කරනවා.

පවතින තත්ත්වය හමුවේ මිල පාලනය දැඩිව ක්‍රියාත්මක කිරීම සහ අසාධාරණ ව්‍යාපාර පිළිවෙත් පිළිබඳ පරීක්‍ෂා කිරීමෙන්  පාරිභෝගිකයින්ට යම් සහනයක් ලබා දිය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාගම පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවයි - බන්ධනාගාරයට නේවි එකෙමුත් බහියි
02:07
Video thumbnail
ඇයි සර් මෙච්චර හමුදාව, පොලිසිය ගෙනල්ලා - ඒ වුණාට සර් වෙ# තියනවා ඇහෙනවනේ ?
00:55
Video thumbnail
බස්නාහිර උතුරභාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහරට පැමිණෙයි - යන්න අම්මේ අරහෙට"
01:14
Video thumbnail
බන්ධනාගාරය නිරීක්ෂණයට ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා එයි - ආරක්ෂාව තව තවත් දැඩි කරයි
02:01
Video thumbnail
"අහිංසකයන්ට වෙ# තියෙන්නෙ..දෙයියන්ට පොල් ග#ලා දෙයියොත් කෝප කරවලා"ඥාතීන් යකා නටයි
03:20
Video thumbnail
බන්ධනාගාරයට හමුදා විශේෂ යතුරුපැදි කණ්ඩායම් පැමිණෙයි - මෙන්න නවතම දර්ශන
01:13
Video thumbnail
මහර බන්ධනාගාර අහසේ ඩ්‍රෝන යානා සැරිසරණ ඇති අයුරු - ඥාතීන් බන්ධනාගාර භූමිය දෙකක් කරයි
01:10
Video thumbnail
ඔයාලා වෙ# තියන්නද යන්නේ..කවුරු ආවත් අපිට වැඩක් නෑ - මිනිස්සු හමුදාවට හූ.. කියයි
01:55
Video thumbnail
අවි සහිතව හමුදාව බන්ධනාගාරයට බහින හැටි මෙන්න - "අයියේ එක කොල්ලෙක්ටවත් මොකුත් කරන්න එපා"
02:38
Video thumbnail
රැඳවියන්ගේ ඥාතීන්ට යකා නගියි - ගිනි දීලා උඹලා ගන්න පඩි යා දෙනවද ?..ගෙනල්ලා දැම්මා කූඩුවට
02:08