පාකිස්ථානයෙන් ඇෆ්ගන් වැසියන් පිටුවහල් කිරීමට එක්සත් ජාතීන්ගේ දැඩි කනස්සල්ල

පාකිස්ථානයේ රැඳී සිටින ලියාපදිංචි නොකළ ඇෆ්ගන් සරණාගතයන් සහ නීත්‍යානුකූල ලේඛන නොමැති පුද්ගලයන් බලහත්කාරයෙන් නැවත ඇෆ්ගනිස්ථානය වෙත පිටුවහල් කිරීමට පාකිස්ථාන රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සිය දැඩි කනස්සල්ල පළ කර ඇති බව ‘ඩෝන්’ පුවත් සේවය වාර්තා කරනවා.

දැනට ඇෆ්ගනිස්ථානය තුළ පවතින දැඩි මානුෂීය අර්බුද සහ මානව හිමිකම් ගැටලු හමුවේ, ආරක්ෂාව පතා පැමිණි පිරිස් මෙලෙස බලහත්කාරයෙන් ආපසු හැරවීම ජාත්‍යන්තර සරණාගත නීතිවලට පටහැනි බව UNHCR ආයතනය පෙන්වා දී තිබෙනවා.

විශේෂයෙන්ම ශීත ඍතුව එළඹෙමින් පවතින වටපිටාවක, මෙලෙස කාන්තාවන් සහ කුඩා ළමුන් ඇතුළු දහස් සංඛ්‍යාත පිරිසක් නිසි නවාතැන් හෝ මූලික පහසුකම් නොමැතිව ඇෆ්ගනිස්ථානයට පිටුවහල් කිරීමෙන් ඔවුන් දැඩි අවදානමකට ලක්වන බව ද ඔවුහු අවධාරණය කරනවා.

පාකිස්ථාන බලධාරීන් පවසන්නේ රටේ ජාතික ආරක්ෂාව සහ ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් මෙම පියවර ගත් බවයි. කෙසේ වෙතත්, ජාත්‍යන්තර මානුෂීය ප්‍රමිතීන්ට ගරු කරමින්, මෙම බලහත්කාරයෙන් පිටුවහල් කිරීමේ ක්‍රියාවලිය වහාම නතර කරන ලෙසත්, සරණාගතයන් සඳහා ආරක්ෂාව සැපයීමට සාමූහික එකඟතාවකට පැමිණෙන ලෙසත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පාකිස්ථාන රජයෙන් ඉල්ලා සිටියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
00:00
Video thumbnail
විශ්වවිද්‍යාල ටික කළු වෙයි - වෘත්තීය ක්‍රියාමාර්ග අපි අත්හිටුවන්නේ නෑ
05:12
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57