පාකිස්ථානයට එරෙහිව දැඩි වීසා සීමා පැනවීමට බ්‍රිතාන්‍ය රජය සැරසෙයි

බ්‍රිතාන්‍යයේ රොච්ඩේල් ප්‍රදේශයේ සිදුවූ කුප්‍රකට බාලවයස්කාර දැරියන් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සංවිධානාත්මක කල්ලි නායකයා වන ෂබීර් අහමඩ් නමැත්තා රටින් පිටුවහල් කිරීමට හැකිවන පරිදි පවතින සීමාකාරී සංක්‍රමණික නීති සංශෝධනය කිරීමට බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු ලේකම් ශබානා මහ්මූද් පියවර ගෙන ඇති බව ‘ද ඉන්ඩිපෙන්ඩන්ට්’ (The Independent) පුවත්පත වාර්තා කරනවා.

මීට වසර 14කට පෙර, එනම් 2012 වසරේදී වයස අවුරුදු 12ක දැරියන් ඇතුළු පිරිසක් දරුණු ලිංගික අපයෝජනයට හා දූෂණයට ලක් කිරීමේ චෝදනාවලට වරදකරු වී වසර 19ක සිරදඬුවමක් නියම වූ ෂබීර් අහමඩ්, පසුගිය ජූලි 2 වැනිදා බන්ධනාගාරයෙන් නිදහස් කෙරුණා.

ඔහුගේ නිදහස් වීමත් සමඟ වින්දිතයන් දැඩි භීතියට පත්ව ඇති අතර, ඔහුව වහාම පාකිස්තානය වෙත පිටුවහල් කරන ලෙස බ්‍රිතාන්‍ය සමාජයෙන් දැඩි බලපෑම් එල්ල වෙමින් පවතිනවා.

කෙසේ වෙතත්, 1971 බ්‍රිතාන්‍ය සංක්‍රමණ පනතේ පවතින විශේෂ ප්‍රතිපාදනයක් හේතුවෙන් මීට වසර 50කට පෙර පොදුරාජ්‍ය මණ්ඩලීය රටවලින් බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වී ස්ථීර පදිංචිය ලබාගත් පුද්ගලයන් පිටුවහල් කිරීමට නීතිමය බාධා පවතිනවා.

ෂබීර් අහමඩ් මෙම නීතිමය සිදුරෙන් බේරී සිටීම වැළැක්වීම සඳහා, පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙන නව “සංක්‍රමණ සහ සරණාගත පනත් කෙටුම්පත” හරහා අදාළ ආරක්ෂණ ප්‍රතිපාදනය අහෝසි කිරීමට ස්වදේශ කටයුතු ලේකම්වරිය සංශෝධන ඉදිරිපත් කර තිබෙනවා.

මෙමඟින් ත්‍රස්තවාදය, මිනිස් ජාවාරම් සහ බාලවයස්කාර ලිංගික අපයෝජන වැනි බරපතළ ගනයේ අපරාධකරුවන්ට එරෙහිව 1971 පනතේ පවතින මුක්තිය ඉවත් කිරීමට නියමිතයි.

එසේ වුවද, බ්‍රිතාන්‍ය රජය නීතිය සංශෝධනය කළ ද ඔහුව පාකිස්තානයට පිටුවහල් කිරීමේ ක්‍රියාවලිය රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් දැඩි අර්බුදයකට ලක්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ෂබීර් අහමඩ්ගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය මීට පෙර අහෝසි කර තිබුණ ද, තමන් බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අහිමි වීමට පෙර පාකිස්තාන පුරවැසිභාවය ද අත්හළ බැවින් මේ වන විට තමන් කිසිදු රටකට අයත් නොවන පුද්ගලයෙකු බව ඔහු පවසනවා.

එබැවින් ඔහුව නැවත භාරගැනීම පාකිස්තාන රජය විසින් ප්‍රතික්ෂේප කරනු ඇතැයි වාර්තා වනවා.

මීට අමතරව, බ්‍රිතාන්‍යයේ සිටින පාකිස්තාන දේශපාලන විරුද්ධවාදීන් දෙදෙනෙක් උදර්පනය කරන්නේ නම් මිස ෂබීර් අහමඩ් භාරගත නොහැකි බවට ද ඉස්ලාමාබාද් පාලනය කොන්දේසි පනවා තිබෙනවා.

මෙම තත්ත්වය හමුවේ, පාකිස්තානය සිය පුරවැසියන් නැවත භාරගැනීමට සහයෝගය නොදක්වන්නේ නම් එරට වැසියන්ට බ්‍රිතාන්‍ය වීසා නිකුත් කිරීම සීමා කිරීමට පවා සිදුවනු ඇති බවට බ්‍රිතාන්‍ය රජය අනතුරු අඟවා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය - මෙන්න කැමරාවට හසුවූ දර්ශන
01:51
Video thumbnail
JVP එකේ කොට අය රජීව්ගේ උසට ඊර්ෂ්‍යා කරනවා ? මාලිමාව, රජීව්ව ටාගර්ට් කරගෙන
07:52
Video thumbnail
ඊළඟට මොන බන්ධනාගාරයේ ම# ගයිද දන්නේ නෑ ?බන්ධනාගාර උණුසුම ගැන අනිල් කට අරියි
02:43
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක් - "උඹ පොටෝ බැරිනම් ෆේස්බුක් හරි දාපන්"
01:07
Video thumbnail
දූෂණයෙන් තොර ක්‍රිකට් ක්‍රීඩාවක් නෙවෙයි රටක් හදන්න ඕනි - ක්‍රිකට් ස්වාධීන දෙයක්
04:06
Video thumbnail
අජිත් - අධිකරණ ඇමතිට අභියෝග කරයි..කිසිදු ඵලයක් නැති බව අජිත් සාක්ෂි එක්ක හෙළිකරයි ?
16:44
Video thumbnail
ශානි අබේසේකරට හදිසියේම උසස්වීමක් ලැබුණ හැටි මෙන්න - සියළුම හිඟ වැටුප් සහ දීමනාත් ලැබෙයි
01:26
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු - එයා කුලප්පුවෙලා - මනුස්සයට ග#න්න යන්නේ
04:22
Video thumbnail
"මේක ෂුවර් එකට නාමලයගේ වැඩක්..නාමල් වග කියන්න ඕනි" නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
06:54
Video thumbnail
තද වැසි තත්ත්වය හෙට දිනයේ සිට සාපෙක්ෂව අඩුවෙයි - අද 75mm වැඩි තද වැසි ඇතිවෙයි
02:23