පාකිස්තාන නායකත්වය නැවත බාබර්ට ලැබෙන ලකුණු

පාකිස්තාන සීමිත පන්දුවාර ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය යළිත් හිටපු නායක බාබර් අසාම්හට ලබා දීමට එරට ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.

මෙලෙස නායකත්වයේ වෙනසක් සිදු කිරීමට නියමිතව ඇත්තේ නව තේරීම් කමිටුවේ නිර්දේශ මත බවයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඒ අනුව ලබන මාසයේ දී නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 05කින් සමන්විත පන්දුවාර 20 තරගාවලියේ සිට බාබර් අසාම් යළි 20-20 කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමට නියමිත බවයි එරට මාධ්‍ය වාර්තාකළේ.

කෙසේ වෙතත් බාබර් අසාම් මෙතෙක් නායකත්වය භාර ගැනීමට තීරණය කර නොමැති අතර, ඔහු විසින් පාකිස්තාන ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇත්තේ තමාව තරග රටා ත්‍රිත්වයේම නායකයා ලෙස පත් කිරිමට කටයුතු කරන්නේ නම් ඒ පිළිබද සලකා බැලිය හැකි බවයි.

පසුගිය නොවැම්බර් මාසයේ දී පාකිස්තාන කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වීමට බාබර් අසාම් තීරණය කළා.

ඉන් අනතුරුව 20 – 20 කණ්ඩායමේ නායකයා ලෙස ශහීන් ශාහ් අෆ්රිඩි ද, ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ශාන් මසූඩ් ද පත් කෙරුණා.

එමෙන්ම එක්දින කණ්ඩායම සදහා කිසිදු නායකයෙකු ස්ථීර ලෙස මේ වන තෙක් පත් කර නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14