Update:- පාකිස්තානය එංගලන්තය හමුවේ පළමු ටෙස්ට් තරගය ඉනිමකින් පරදියි

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම හමුවේ පාකිස්තානය මීට ටික වේලාවකට පෙර (11) පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමකින් සහ ලකුණු 47කින් පරාජයට පත් වුණා.

ඒ දෙරට අතර තරගයේ අවසන් දිනය අද මුල්තාන් නුවර දී නිමාවට පත් වුණු අවස්ථාවේදියි.

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි මෙම තරගාවලිය දෙපාර්ශ්වයටම 2023-2025 ලෝක ටෙස්ට් ශූරතා තරගාවලිය සඳහා තීරණාත්මක සාධකයක් නිර්මාණය කරනු ඇති.

ඊයේ (10) දිනයට තරගය නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි පාකිස්තාන කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 152ක් ලබා සිටියා.

ඔවුන්ට ඉනිමක පරාජයකින් බේරීමට එක් දිනක් තුළ අවශ්‍ය ව තිබූ ලකුණු සංඛ්‍යාව 115ක්.

නමුත් අද දිනය අවසන් වන තෙක් ඔවුන්ට හිමි ව තිබුණේ කඩුලු 04ක් පමණක් වීම ද විශේෂත්වයක්.

තරගයේ අවසන් දිනය වන අද දින පළමු භාගයේ පාකිස්තාන කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකුණු 207ක් ලබා සිටියා.

දිනයේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේ පාකිස්තානය වෙනුවෙන් දෙවැනි ඉනිමේ පිතිකරණයේ දී සාර්ථක වූ ක්‍රීඩකයින් දෙපළගෙන් එක් අයෙකු වන සල්මන් අගාර්.

ඔහු ජැක් ලීච් යොමු කළ පන්දුවක් හමුවේ ලකුණු 63කට ක්‍රීඩාගාරයට හරවා යැවුණා.

ඉන් අනතුරුව දැඩි පීඩනාත්මක පන්දු යැවීමක නිරත වූ ජැක් ලීච් තවත් කඩුලු දෙකක් පාකිස්තානයෙන් උදුරා ගත්තේ ශහීන් ෂා අෆ්‍රිඩි, නසීම් ෂා ද නතු කරගනිමින්.

ලීච් කඩුලු 04ක් බිඳ දැමුවේ ප්‍රතිවාදීන්ට ලකුණු 30ක් පමණක් පිරිනමින්.

තරගය පාකිස්තානුවන් පරාජයට පත් වන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි ජමාල් ලකුණු 55ක් අතැතිව සිටියා.

එමෙන්ම කණ්ඩායමේ අවසන් පිතිකරුවා වන අබ්‍රාර් අහමඩ් පන්දුවට පහරදීමට පිටියට පිවිසියේ නැහැ.

ඔහුට හදිසියේ ම ක්‍රීඩාගාරයේ දී හටගත් ආබාධයක් මීට හේතුව බවයි වාර්තා වූයේ.

ඊයේ දෙවැනි ඉනිමට පිතිකරණය ඇරඹූ පාකිස්තාන කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් කිසිවෙකුට හෝ සිය පළමු ඉනිමේ මෙන් සාර්ථක වීමට එංගලන්ත පන්දු යවන්නන් ඉඩකඩ ලබා දුන්නේ නැහැ.

ඒ අනුව පාකිස්තාන කණ්ඩායම සියල්ලන්ම දැවී දෙවැනි ඉනිමට රැස් කළේ ලකුණු 220ක් පමණයි.

කඩුලු බිඳ දැමීමේ දී ජැක් ලීච්ට අමතරව, බ්‍රයිඩන් කාර්ස් සහ ඇට්කින්සන් කඩුලු 02ක බැගින් බිඳ දැමුවා.

එක් කඩුල්ලක පහස හිමිවූයේ ක්‍රිස් වෝර්ක්ස්ටයි.

එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළේ එය ටෙස්ට් ඉතිහාසයේ කණ්ඩායමක් සිය ඉනිමක් වෙනුවෙන් රැස් කළ සිව්වැනි වැඩිම ලකුණු බවට ද පත් කරගනිමින්.

එංගලන්තය ලකුණු 823ක් ලබා සිටියදී ඉනිම අත්හිටවූ අතර එහිදී අගනා ද්විත්ව ශතක සහ ත්‍රිත්ත්ව ශතකයක් ද වාර්තා වුණා.

ද්විත්ව ශතක ද්විත්වයටම හිමිකම් කියුවේ ජෝයි රූට් සමගින් හැරී බෘක්.

රූට් ලකුණු 262කට දැවී ගිය අතර බෘක් ලකුණු 317කට දැවී ගියේ සිය මංගල ද්විත්ව සහ ත්‍රිත්ත්ව ශතකවලට ද හිමිකම් කියමින්.

ඒ අනුව පාකිස්තානයට එරෙහිව තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු ජය අද දිනයේ දී වාර්තා කරන්නට එංගලන්තය සමත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවේ සෑම ස්ථානයකටම ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තතු මෙන්න
02:55
Video thumbnail
දුම්රිය රියදුරු හිඟය මත කිසිදු දුම්රියක් අවලංගු වුණේ නෑ - මෑත කාලයේ කරපු අසාර්ථකම වර්ජනය මේක
06:45
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ලාල්කාන්ත කට අරියි - වැඩවර්ජන කරන්න ඇති තරම් ඉඩ තියෙනවා..
03:01
Video thumbnail
දැන් වාහන මිල සෑහෙන්න අඩුවෙලා - වාහන ගන්නවානම් හොඳ අවස්ථාවක් මේ
02:36
Video thumbnail
කෝච්චි එන්ජිමේ එල්ලිලා ආපු අය කිව්ව දේ - පාලකයෝ හරියට ඉන්න ඕන හදන්නනම් - ටිකට් කඩන් නෑ හොදයි
01:28
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - ගොඩක් අඩුයි කෝච්චි - සියලු දේම අඩාලයි..බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
04:25
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46
Video thumbnail
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව සජිත් කියයි
02:47
Video thumbnail
ජල ගැල්මට ලක්වූ නිවාසවල ජනතාවට පිසු ආහාර ලබා දීමේ උතුම් ක්‍රියාව
01:59
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10