පාකිස්තානයේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රැම් තහනම් කෙරේ

එක්ස් සමාජ මාධ්‍ය මාස 06ක් පුරා තහනම් කර ඇති පසුබිමක පාකිස්තාන රජය ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රැම් වෙත ප්‍රවේශය සීමා කරමින් සමාජ මාධ්‍ය මර්ධනය පුළුල් කර තිබෙනවා.

විවිධ අන්තර්ජාල සේවා සපයන්නන් ඔස්සේ සම්බන්ධවන පරිශීලකයන් මෙම වේදිකා වෙත ප්‍රවේශවීමේ දුෂ්කරතා අත්විඳින අතර සමහරු වට්ස්ඇප් සම්බන්ධයෙන් ද ගැටලු වාර්තා කරනවා.

නව සීමා කිරීම් පිළිබඳව රජය නිල වශයෙන් ප්‍රකාශයක් සිදුකර නැහැ.

මෙම තහනම පැනවෙන්නේ, අධිකරණය, හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පාකිස්තාන ටෙහ්රීක්-ඉ-ඉන්සාෆ් (පීටීඅයි) සහ හමුදා සංස්ථාපිතය සම්බන්ධ ආතතීන් මධ්‍යයේයි.

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රැම් වෙත ප්‍රවේශය රටපුරා අවහිර වී ඇති බව විදුලි සංදේශ සමාගමක් වන Nayatel තහවුරු කර ඇති අතර පාකිස්තාන විදුලි සංදේශ අධිකාරියෙන් පැහැදිලි කිරීමක් බලාපොරොත්තුවෙන් සිටින බව සමාගම එක්ස් සටහනක් තබමින් පැවසුවා.

හමුදා ප්‍රධානී ජෙනරාල් අසීම් මුනීර් සහ නියෝජ්‍ය අගමැති ඉෂාක් ඩාර් ඇතුළු හමුදා සහ රාජ්‍ය නිලධාරීන් සමාජ මාධ්‍යවල දැඩි පාලනයන් සඳහා පෙනී සිටින අතර, එය වැරදි තොරතුරු සහ ප්‍රචණ්ඩත්වයේ මූලාශ්‍රයක් ලෙස සඳහන් කර තිබෙනවා.

භාෂණයේ නිදහස සහ තොරතුරු දැනගැනීමේ නිදහස මූලික අයිතිවාසිකම් බව අවධාරණය කරමින් PTI විසින් නව සීමා කිරීම් හෙළා දුටුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46