පාකිස්තානයේ සංචාරය කරනවා නම් කල්පනාවෙන් – අනතුරු ඇඟවීමක්

අමෙරිකාව විසින් පාකිස්තානය සඳහා නව සංචාරක උපදේශන මාලාවක් නිකුත් කර තිබෙනවා.

එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ තම පුරවැසියන් පාකිස්තානයේ සංචාරය කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා නම්, ඒ පිළිබඳ නැවත සලකා බලන ලෙසයි.

පාකිස්තානයේ බලුකිස්තානය සහ කයිබර් පක්තුන්ක්වා පළාත්වල අන්තවාදී කණ්ඩායම් ප්‍රහාර සැලසුම් කරන බවට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා.

එම ප්‍රදේශවල සන්නද්ධ ගැටුම් ඇතිවීමේ හැකියාවක් ඇති බව එහි දක්වා ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රවාහන මධ්‍යස්ථාන, සාප්පු සංකීර්ණ, හමුදා ස්ථාන, ගුවන්තොටුපළ, විශ්වවිද්‍යාල සහ පූජනීය ස්ථාන වැනි විවිධ ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ලවිය හැකි බව අමෙරිකාව පවසනවා.

කෙසේ නමුත් ත්‍රස්තවාදීන් සුළු හෝ අනතුරු ඇඟවීමකින් තොරව එම ප්‍රහාර එල්ල කළ හැකි බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.