පාකිස්තානයේ විරෝධතා අතරතුර තිදෙනෙක් මරුට

බලුකිස්තාන් සිවිල් ක්‍රියාකාරීන්ගේ විරෝධතාවකට එල්ල වූ ආරක්ෂක අංශ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කරනවා.

ග්වාදර් ජනතාව මෙලෙස විරෝධතාවයේ නිරත වන්නේ බලුච් සහ පස්තුන් ජාතිකයන්ට මධ්‍යම ආණ්ඩුවෙන් සිදු කරන පහත් කොට සැලකීම්වලට එරෙහිව යි.

පානීය ජල ගැටලු ඇතුළු අර්බුද රැසකින් පීඩා විඳින තමන් කෙරෙහි ආණ්ඩුවේ කිසිදු අවධානයක් යොමු නොවන බව විරෝධතාකරුවන් පවසනවා.

ජනතාව විසුරුවා හැරීමට බලධාරීන් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු ඇති වූ ගැටුම්වල දී මෙම ජීවිත හානි සිදු ව තිබෙනවා.

එහිදී පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද සඳහන්.

මේ අතර බලුකිස්තාන් විශ්ව විද්‍යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වූ කාන්තාවන් ඇතුළු 50 දෙනෙක් ආරක්ෂක අංශ බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් ඇතැයි බලුච් ක්‍රියාකාරීන් චෝදනා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30