ප්‍රියන්ත කුමාර ව බේරා ගැනීමට උත්සාහ කළ එකම මුස්ලිම් තරුණයාට අවසානයේ හිමි වූ දේ

පාකිස්තානයේ දී අමානුෂික ලෙස ප්‍රියන්ත කුමාර දියවඩනගේ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 13 දෙනා එරට සියල්කෝට් අධිකරණය මගින් ඊයේ රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඊයේ පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කළ මොවුන් අද පාකිස්ථානයේ ගුජරාන්වාලාහි ත්‍රස්ත මර්දන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතයි.

මේ අතර, මියගිය ප්‍රියන්ත කුමාර දියවඩනගේ මෘතදේහය අද පස්වරුවේ දිවයිනට රැගෙන ඒමට නියමිත වනවා.

රජයේ වියදමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් මළ සිරුර මෙරටට රැගෙන ඒමටයි සැලසුම් කර ඇත්තේ.

ඊයේ දිනයේදී ඉස්ලාමාබාද් හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පාකිස්තාන විදෙස් කටයුතු අමාත්‍යාංශයෙන් මේ පිළිබදව වාර්තාවක් ද ඉල්ලා තිබුණා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට  සැකකරුවන් 120 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, අන්තවාදීන් ප්‍රියන්ත කුමාරට අමානුෂික අයුරින් පහර දෙන අවස්ථාවේ එක් පුද්ගලයෙකු ඔහු බේරා ගැනීම සඳහා දැඩි උත්සාහයක නිරත වන අයුරු දක්නට ලැබුණා.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ මාලික් අද්නන් නැමති මෙම පුද්ගලයාගේ නිර්භීත උත්සාහයට සමස්ත ජාතියේ ගෞරවය පිරිනමන බවයි.

ඔහුට පාකිස්තානයේ සිවිල් පුරවැසියෙකුට පිරිනමන ඉහළම සම්මානය වන ‘තම්හා ඉ සුජාත්’ ගෞරව සම්මානය පිරිනමන බවයි අග්‍රාමාත්‍යවරයාගේ ට්විටර් පණිවුඩයේ දැක්වෙන්නේ.

මේ අතර දියුණු වෙමින් පවතින රාජ්‍යයන් හි ආර්ථිකය සවිමත් කිරීමේ අරමුණෙන් ලබාදෙන ජී.එස්.පී. ප්ලස් සහනය ඉදිරියේදී පාකිස්තානයට අහිමි වීමේ අවදානමක් ද පවතින බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.  

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
243
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර නිලධාරින් ඉන්නේ තරහෙන් වෙන්න පුළුවන් - පිට කරන්න ඕනි අඬලා..නැතුව වෛරයකින් නෙවෙයි
03:13
Video thumbnail
බන්ධනාගාර‍යේ ධාරිතාවය රජයටවත් දරාගන්න බෑ - ධාරිතාවය අඩු කරන්න හිටපු බන්ධනාගාර කොමසාරිස්ගෙන් විසඳුම්
06:06
Video thumbnail
මොන අම්මා කෙනෙක්වත් කැමති නැ තමන්ගේ ළමයා හිරේට යනවට - වේදනාව අපිට දරාගන්න බෑ
03:53
Video thumbnail
බන්ධනාගාරය ඇතුළට දුරකථන ගේන විදිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - පිටිපස්සේ පෝන් දෙක තුන ගහගෙන යන්නේ
03:49
Video thumbnail
මම තමයි කිව්වේ වෙ# තියන්න කියලා - මම ආදරයෙන් කිව්වා සිරකාරයෝ ඇහුවේ නෑ..දොරවල් කැඩුවා
09:40
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ බිහිසුණු ගැටුම පිටුපස සැඟවුණු ඇත්ත “ හිටපු බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ
01:01:09
Video thumbnail
ෂූට් කරපු නිලධාරියාට මම ප්‍රශංසා කරනවා..සිද්ධියට මුහුණ දුන්න කෙනා තමයි බර දන්නේ
03:16
Video thumbnail
මගේ නිලධාරින් ප්‍රතිප්‍රහාරයේ ශිෂ්ටත්වය හෙව්වා - එයාලා කොච්චර ඉවසුවාද ?
03:24
Video thumbnail
අපේ බන්ධනාගාර නිලධාරින් බරපතළ වැරැද්දක්..හිටපු බන්ධනාගාර කොමසාරිස්ගෙන් හෙළිදරව්වක්
02:46
Video thumbnail
හිටපු බන්ධනාගාර කොමසාරිස් සංවේදී වෙයි - එයාලගේ දෙමව්පියෝ අපි..කොහොමද මෙහෙම දෙයක් කළේ ?
02:39