ප්‍රියන්ත කුමාර ඝාතනය සහ ෂරියා නීතිය ගැන මුස්ලිම් නිකායවල ඒකමතික තීරණය මෙන්න

සියල්කොට්හිදී ශ්‍රී ලාංකිකයෙකු වන ප්‍රියන්ත කුමාර දියවඩනගේ ඝාතනය කිරීම “ඉස්ලාම් විරෝධී” සහ “නීතියට පටහැනි” බව පකිස්ථානයේ මුස්ලිම් නිකායවල් නියෝජනය කරන පූජකවරුන්ගේ ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒකමතිකව හෙළා දැක තිබේ.

ඔවුන් ප්‍රකාශ කළේ, වගකිව යුත්තන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ය.

ඔවුන් මෙම ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවා තිබුණේ, පකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මොහාන් විජේවික්‍රම මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ය.

එහිදී, ඉස්ලාම් දේවධර්ම කවුන්සිලයේ සභාපති ආචාර්ය කිබ්ලා අයාස් ඒකාබද්ධ නිවේදනය ප්‍රකාශයට පත් කරමින් ඔවුන් පැවසුවේ, “මෙය අමානුෂික ක්‍රියාවක් වන අතර කිසිදු සාක්ෂියක් නොමැතිව ආගමට අපහාසයක් කළ බවට යමෙකුට චෝදනා කිරීම ෂරියා නීතියට පටහැනි වන,” බව ය.

ඔහු පැවසුවේ, ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්ව සිටින සියලු නිකායයන්වල නායකයින් මෙම බිහිසුණු සිද්ධිය සම්බන්ධයෙන් කනගාටුව පළ කරන බව ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
31
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03