ප්‍රියන්ත කුමාර ඝාතනයේ වීඩියෝ පට එළියට දැමූ පුද්ගලයාට දුන්නු දඬුවම

ප්‍රියන්ත කුමාර ඝාතනය කිරීමේ වීඩියෝව අන්තර්ජාලයට මුදා හැරීමට සම්බන්ධ පුද්ගලයෙකුට පකිස්ථානයේ ත්‍රස්ත විරෝධී අධිකරණයක් වසරක සිරදඬුවම් නියම කර තිබෙනවා.

අද්නාන් නමැති විත්තිකරු මීට පෙර අධිකරණය හමුවේ තම අපරාධය පාපොච්චාරණය කළ අතර, එම සිද්ධිය සම්බන්ධයෙනුයි එරට අධිකරණය විසින් මෙම තීන්දුව ඊයේ (21) දින ප්‍රකාශයට පත් කෙරුණේ.

පසුගිය දෙසැම්බර් මස දී අමානුෂික ලෙස අන්තවාදීන් පිරිසක් විසින් පාකිස්ථාන කර්මාන්ත ශාලාවක ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කළ ප්‍රියන්ත කුමාර ඝාතනය කෙරුණා.

එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු සමග පුද්ගලයින් 100 දෙනෙකුට අධික පිරිසක් පාකිස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පැය 24 ද නික්ම වීමට ප්‍රථමයෙන්.

මේ වනවිටත් අදාළ නඩුව එරට අධිකරණය මගින් විභාග කෙරෙන අතර, සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වූ මෙරට ශ්‍රී ලාංකිකයා වෙනුවෙන් පාකිස්ථාන රජයෙන් ඔහුගේ පවුලට සහ දරුවන්ට අඛණ්ඩව ඔහුට හිමි වැටුප සහ වන්දි ගෙවීමට ද එකඟ වුණා.

ඒ එරට අගමැති ඉම්රාන් ඛාන්ගේ පූර්ණ අනුදැනුම සහ මැදිහත් වීම මතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44