ප්‍රියන්ත කුමාරව මරා දැම්මා

ප්‍රියන්ත කුමාර දියවඩන මහතා මරා දැම්මා . ලංකාවේ විදෙස් ශ්‍රමික කාන්තාවන් කීදෙනෙක්ව මැදපෙරදිග ඝාතනය කරනවද ? විදෙස් ශ්‍රමිකයින් වෙනුවෙන් ලංකාවේ තානාපති කාර්යාල මැදිහත් නොවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.


අද 6 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව පවසා සිටියා.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ

මරණ පරීක්ෂණ වාර්තා වලට අනුව ප්‍රියන්ත කුමාර දියවඩන මහතා මිය ගිහිල්ලා තියෙන්නෙ හිසට එල්ල කරපු ප්‍රහාරවලින්.
 අස්ථි බිඳීම් සිද්ධ වෙලා තියෙනවා. මරා දැමීමෙන් පස්සෙ තමයි ඔහුව පුළුස්සලා දමලා තියෙන්නෙ කියලා අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කරලා තියෙන්නේ.

නමුත් ඔහු පණපිටින් සිටියදීම සමහරවිට පිළිස්සුවා ද කියන සැකය පවා මතු වෙනවා. මේක අතිශය මිලේච්ඡ උමතු ක්‍රියාවක් විදිහට තමයි අපි දකින්නේ. අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස මේ සිදුවීම ඉතාම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා.
 මේ සිදුවීම විසිඑක්වැනි සියවසේ සිදුවිය හැකි ඉතාම ඛේදජනක මරණය කියලා අපිට කියන්න පුළුවන්. මෙවැනි සිදුවීම් අපි ඉතිහාසයේ දැකලා තියෙනවා. මේ සිදුවීම සමග අපට සිහි වෙනවා රෝහණ විජේවීර 1989 නොවැම්බර් මාසෙ 13 වැනිදා ක්‍රියාත්මක වුණේ මෙවැනි ක්‍රියාවලියක්.
 අපි අහල තියෙන තොරතුරු වලට අනුව ත් රෝහණ විජේවීර සහෝදරයා ට වෙඩි තබා ඔහු මිය යන්න කලින් ඔහුව පුළුස්සලා තිබුන බොරැල්ලේදී. මේ ආකාරයේ සිදුවීම් දිගින් දිගට වාර්තාවීම ඇතුලේ අපි ලෝකයක් විදිහට කොතනටද ගමන් කරමින් ඉන්නේ කියන මූලික ප්‍රශ්නය මතුවෙනවා. සියල්කෝට් නගරයේ සිද්ධ වෙච්ච සිද්ධිය හරියටම මොකක්ද වුනේ කියන එක හොඳම මූලාශ්‍ර සහිත තොරතුරු තවමත් නෑ.

 මේ මොහොත වෙනකොටත් පාකිස්තානයේ ලාංකිකයෝ හාරසියයක් පමණ සේවය කරමින් ඉන්නවා. මේ ප්‍රශ්නය පාකිස්ථානයේ තියෙන ධනවාදය ඇතුළෙම පරස්පර තාවය පිලිබඳ ප්‍රශ්නයක්.

ඉම්රාන් ඛාන්  ඇතුළු පාකිස්ථානු රජය මේ සිදුවෙන සිදුවීම් වලට වගකිව යුතුයි. ඒ දක්ෂිණාංශික දේශපාලනඥයා තමයි මේ ගිනි අවුලුවලා තියෙන්නෙ.
 මේ ගින්නෙන් ගිනි ගන්නේ කොහෙද කියන එක පැත්තක තිබ්බත් එහෙම ගිනි ඇවිලවීම සඳහා ඒ දේශපාලනඥ සියලු දෙනා මැදිහත් වෙලා තියෙනවා.
 අවම වශයෙන් පාකිස්ථානයේ මේ වෙනකොට මේ සිදුවීම සම්බන්ධයෙන් යම් විදිය හැසිරීමක් පෙන්නලා තියෙනවා මේකට අදාලව ක්‍රියාකාරී වෙනවා කියලා.
 උදාහරණයක් විදිහට  සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරුවා ගෙනල්ලා ඔහුට ජනාධිපති සමාවක් වගේ එකක් දීලා ඊට පස්සේ පාකිස්තානයට එක රටක් එක නීතියක් කියලා බලකායක් හදලා එකේ ලොක්ක බවට පත් කරලා නෑ ඒ සැකකරුව.
 ඒ මිනීමරුවව එහෙම කරලා නෑ පාකිස්තානයේ. 2013 දී පමණ මෙවැනිම සිද්ධියක් වුණා සියල්කොට් නගරයේම ඒකට අදාල නම දෙනෙකුට මරණ දඬුවම ලබා දුන්න පකිස්ථාන රජය.

පාකිස්තානය මේකට මැදිහත් වෙන විදිහේ විශේෂයක් තියෙනවා. ලංකාව මෙවැනි සිදුවීම් වලදී මැදිහත් වුණාට වඩා.
 ඒක ඇවිල්ලා ඉම්රාන් ඛාන් ලා හොඳ නිසා ලංකාවේ පාලකයා නරක නිසා වෙන දෙයක් නෙමෙයි. ඒකත් පාකිස්ථානය මේ වෙනකොට නියෂ්ටික බලවතෙක් ලෝක ආර්ථික බලවතෙක් ලෙස නැගී එමින් තියෙන රටක්.

 ඒ නිසා ඔවුන්ට අවශ්‍යයි ලෝක ආර්ථිකයත් එක්ක සම්බන්ධ වෙන්න. ලෝක ආර්ථිකයත් එක්ක සම්බන්ධ වෙද්දී ආගමික අන්තවාදී රටක් ලෙස කොන් වෙන එක ඔවුන්ගේ  ධනවාදී සංවර්ධනයට ප්‍රශ්නයක්.
ඒක නිසා ඔවුන් උත්සාහ කරනවා මෙවැනි ක්‍රියාවන් යම් ආකාරයකට පාලනය කරන්න. ලංකාවේ ආණ්ඩුව සහ ලංකාවේ තානාපති අංශ මේ සිද්ධිය වෙනකොට වැඩ කරපු ආකාරය ඉතාම ලැජ්ජාසහගතයි.
 විශේෂයෙන් පාකිස්තානය සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ඒ සිදුවීමට කිසිදු මැදිහත්වීමක් කළේ නැහැ
 අඩුම තරමේ මේ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යයට නිල වශයෙන් තොරතුරු ලබාදෙන්න පවා පාකිස්තාන යේ සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා මැදිහත් වුණේ නෑ.
 මේ ප්‍රශ්නය එහෙම්මම තියෙනවා මැදපෙරදිග. අපි ප්‍රියන්ත ගිනි තබා මරා දැමීම ගැන කතා කරනවා. වසරකට කීදෙනෙක්ව මැදපෙරදිග ඝාතනය කරනවද ලංකාවේ විදෙ ස්ශ්‍ රමික කාන්තාවෝ.
 ඒවා සම්බන්ධ ඒ රටවල තානාපතිවරු  මුනිවත රකිනවා නේ. විශාල සංඛ්‍යාවක් යනවා විදෙස් ගත ලාංකික ශ්‍රමික කාන්තාවෝ ලිංගික බලහත්කාරකම් වලට ලක් වෙලා ඇ න ගිල්වලා  ඇණ ගහලා  මානසික රෝග වලට ගොදුරු වෙලා. සමහරු මරලා මලමිණී විදිහට ලංකාවට එනවා.
 ඒව සම්බන්ධයෙනුත් මේ තානාපති කාර්යාල මැදිහත් වෙන්නේ නෑ. ඒ මැදිහත් නොවීම තානාපති සේවයේ තියෙන පොදු අකාර්යක්ෂමතාවය ට එහා ගිය ප්‍රශ්නයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ඩෙංගු වෛරසය වෙනදට වඩා දරුණු තත්ත්වයක තියෙන්නේ - ඉක්කමනින් නිරෝගී පුද්ගලයින් රෝගී කරනවා
06:33
Video thumbnail
විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට හූ කියලා පන්නයි - හැටන් දික්ඔය නගර සභාව උණුසුම්
11:29
Video thumbnail
PUCSL එකට ගිහින් රටට වෙන්න යන විනාශය දයාසිරි හෙළිකරයි - විදුලි කප්පාදුවකට මුළු රටටම මුහුණ දෙන්න වෙයි
11:43
Video thumbnail
බොරලු කියලා පස් දාලා පාරවල් හදලා සංවර්ධනය කරනවා කියලා පෙන්නනවා
06:26
Video thumbnail
ඊයේ රෑ ගල්කිස්සේ වැරදුණු වෙ#ල්ලේ මෙන්න තවත් දර්ශන - වෙ#ක්කරුවන් එන හැටි
02:32
Video thumbnail
ගොවීන් ආණ්ඩුවේ ගුණ වයයි - අපි සතුටින් ඉන්නේ, කිසිම ප්‍රශ්නයක් නෑ
04:54
Video thumbnail
අපේ ඇමතිවරු කවුරුත් බංගලාවල නැහැ - දීපු පොරොන්දු ඉටුකරනවා
14:24
Video thumbnail
මානව අයිතිවාසිකම් ආරක්ෂා කරන්න අපි හැමදාම සටන් කරනවා
04:13
Video thumbnail
උණ නම් වෙන වෙන ප්‍රතිකාර ගන්න එපා - රෝහලට යන්න
03:21
Video thumbnail
ජයටම කරගෙන ගංජා වගාවක් සමනලවැව පොලිසියෙන් වටලයි
01:32