ප්‍රියන්තගේ ඝාතනය සාධාරණිය කළ පාකිස්ථාන ආරක්ෂක ඇමති

ශ්‍රී ලාංකිකයෙකු පකිස්ථානයේදී කෲර ලෙස වද හිංසා පමුණුවා ඝාතනය කිරීමේ සිදුවීම පිළිබදව පකිස්ථානු ආරක්ෂක අමාත්‍ය පර්වේස් කට්ටක් මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ අදාළ ඝාතනය ඔහු විසින් සාධාරණීකරණය කරමින් දැක්වූ අදහස් මේ වන විට ලෝකය පුරාම ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවී තිබෙනවා.

අමාත්‍යවරයා මාධ්‍යවේදීන් වෙත පවසා සිටියේ ආවේගකාරීවූ තරුණයින් ආගමික හැඟීමෙන් මෙම ඝාතනය කර ඇති බවයි. එම වයසේ පසුවන තරුණයින් නිරායාසයෙන්ම ඒ ආකාරයේ වැරදි කිරීමට පෙළඹෙන බවත් තමන්ද එම වයසේදී හිතාබැලීමකින් තොරව හැඟීම් බරවී වැරදි ක්‍රියා සිදුකර ඇති බවත් කෙසේ වෙතත් වයසින් මුහුකුරා යනවිට එම වැරදි තේරුම් ගෙන කටයුතු කරන බවත්, එබැවින් මෙවැනි ක්‍රියා පිළිබදව රජයට හෝ පකිස්ථානයට දොස් කිම වැරදි ක්‍රියාවක් බව ඔහු පෙන්වා දෙනවා.

පකිස්ථානයේ පෙෂාවර් නගරයේ පැවති මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු විසින් ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් විසින් නායකත්වය දෙන පකිස්ථානු රජය ටෙහ්රීක්-ඊ-ලබ්බයික්( Tehreek-e-Labbaik )නැමැති අන්තවාදී සංවිධානයට අනුබද්ධ සංවිධානවලට එහෙිව ඵලදායී මර්දනයක් සැලසුම් කරන්නේදැයි යන්නයි.

ඊට පිළිතුරු දෙමින් ආරක්ෂක අමාත්‍යවරයා සදහන් කළේ මෙය සංවිධානය විසින් මෙය සිදුකල ක්‍රියාවක් නොවන බවයි. කෙසේ වෙතත් පකිස්ථානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා මීට පෙර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කළේ අදාළ ඝාතනය පිළිබදව තමන් ලැජ්ජාවට පත්වන බවයි. එවැනි තත්ත්වයක් තුළදී පකිස්ථාන ආරක්ෂක අමාත්‍යවරයා සිදුකළ මෙම ප්‍රකාශය පිළිබදව මේ වන විට ජාත්‍යන්තරයේද අවධානය යොමුවී තිබෙනවා.

පකිස්ථානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍ය පර්වේස් කට්ටක් මහතා කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා කටයුතු නොකළ හොත් මෙම ඝාතනය සම්බන්ධයෙන් ඔහු දිගින් දිගටම සිදුකල ප්‍රකාශ අසත්‍ය බවට ජාත්‍යාන්තරය තේරුම් ගනු ඇති බවයි. මේ අතර මේ වන විට ඇතිව තිබෙන දේශපාලන උණුසුම් තත්ත්වය හා පීඩනය මත අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පසුව පකිස්ථානු ආරක්ෂක අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

එමගින් පකිස්ථානු ආරක්ෂක අමාත්‍යවරයා නිවේදනය කරන්නේ ශ්‍රී ලාංකිකයාගේ මිලේච්ඡ ඝාතනය තමන් තරයේ හෙළා දකින බවයි. පකිස්ථානය සියලු ආකාරයේ අන්තවාදයන් හෙළා දකින බවත් මේ සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයින් නීතිය ඉදිරියට ගෙන එන බවත් ඔහු අදාළ ට්විටර් පණිවුඩයේ සදහන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14