ප්‍රසිද්ධ නිළි හාදු නඩුවෙන් නිදහස්

ප්‍රකට බොලිවුඩ් නිළි ශිල්පා ශෙට්ටි ට එරෙහිව එල්ල කර තිබු “අසභ්‍ය ලෙස හැසිරීම” සම්බන්ධ චෝදනාවෙන් ඇයව නිදහස් කිරීමට ඉන්දීය අධිකරණයක් නියෝග කර තිබේ.

2007 වසරේදී අමෙරිකානු නළුවෙක් වන රිචර්ඩ් ගිය, ඒඩ්ස් ගැන දැනුවත් කිරීමේ වැඩසටහනකදී වේදිකාව මතදී ශේට්ටි ව සිප ගෙන තිබුණි.

රිචර්ඩ් පවසා තිබුණේ සිප ගැනීමෙන් ඒඩ්ස් නොසෑදෙන බව පෙන්වීම සඳහා තමා ශිල්පා ශේට්ටිව සිප ගත් බවය. තමා එම සිදුවීම සම්බන්ධයෙන් කණගාටු වන බව පසුව ඔහු පැවසීය.

එම සිද්ධියෙන් අනතුරුව හින්දු දැඩි මතධාරීන් විරෝධතා පැවැත්වූ අතර ඔවුන් එම සිදුවීම හඳුන්වූයේ ඉන්දීය ආචාරධර්මවලට කළ අපහාසයක් ලෙසය.
 
ප්‍රසිද්ධියේ සිප ගැනීම තහනම් දෙයක් ලෙස සමහර ඉන්දියානුවෝ සලකති.

එම සිද්ධියෙන් අනතුරුව ඉන්දීය පොලීසිය අමෙරිකානු නළුවාට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත්කළ අතර එය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත දැමීය.

ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවේ “ලාභ ප්‍රසිද්ධියක්” බලාපොරොත්තුවෙන් එම නඩුව ගොනුකර ඇති බවය.

නමුත් ශෙට්ටි ට එරෙහි නඩුව වසර 15ක් පුරා ඇදී ගිය අතර අවසානයේදී මුම්බායි අධිකරණය විසින් ඇයව නිදහස් කර තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06