ප්‍රශ්නය අහන අයට බැසිල්ගෙන් පිළිතුරු

අපි වවුල්ලුද කියන ප්‍රශ්නය අසන අයට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පිළිතුරු දී තිබෙනවා.

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් 40%ක් ඇමරිකානු සමාගමකට ලබා දීමේ ගිවිසුම මධ්‍යම රාත්‍රියේ 12.08 ට අත්සන් කිරීම මත මෙම ප්‍රශ්නය අසා තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක කුමාර දිසානායක මහතායි.

මහ රෑ ගහපු ගිවිසුම “මහ රෑ මේ ගිවිසුම අත්සන් කළේ වවුල්ලුද යනුවෙන් හිතලාදැයි” අනුර කුමාර දිසානායක මහතා ප්‍රසිද්ධියේම කී කතාවක්.

“ඔය වවුල් කතාව අහන්න තිබ්බේ මාව පහුගිය පහුගිය ආණ්ඩු කාලයේ මහ රෑ හිරේ දාපු වෙලාවේ.හැබැයි අපි කවදාක්වත් ඒ ගැන පළිගන්න ගියේ නැහැ.ඒ තමයි අපේ මනුස්සකම”

බැසිල් රාජපක්ෂ මහතා වවුල් කතාවට එසේ උත්තරයක් දී තිබුණේ අය – වැය යෝජනා ලබා ගැනීම සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කැඳවූ අවස්ථාවේ.

ගිවිසුමෙන් රටට යහපතක් – මෙම ගිවිසුමෙන් රටට යහපතක් වන බව එම මන්ත්‍රී කණ්ඩායම හමු වේ පෙන්වා දී තිබෙන අමාත්‍යවරයා ඉන් විදුලි ඒකකයක නිෂ්පාදන මිල අඩු වීම , දැවි තෙල් වෙනුවට පරිසර හිතකාමී එල්.එන්.ජී ප්‍රභවයට මාරු වන බවද සඳහන් කර තිබෙන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එම ආයෝජනයෙන් මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 250ක් ලැබීමට නියමිත බවත් ඩොලර් ප්‍රශ්නයක් තිබෙන මේ වෙලාවේ මෙම මුදල ලැබීම ඉතා ප්‍රයෝජනවත් බව බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ මතය බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29