ප්‍රවීණ ගායිකාවක් වූ ‘ඩැල්රින් සුබී’ මිය ගිය පුවතෙහි ඇත්ත මෙන්න

‘ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලා’ ගීතය හා තවත් ගීත බොහොමයක් ගැයු  ප්‍රවීණ ගායිකාවක් වූ ඩැල්රින් සුබි කොරෝනා ආසාදනය වී මිය ගොස් ඇති බවට මේ වෙනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙනවා.

ඒ ගැන ප්‍රවීණ ගායිකා කොරින් අල්මේදාගෙන් අප විමසීමක් කළා. කොරින් අපට අදහස් දක්වමින් කියා සිටියේ මෙවැන්නක් ” ඒ කතාව පට්ටපල් බොරුවක්. ඩැල්රින්  සුවෙන් ඉන්නවා. එයා තව ම ජිවතුන් අතර ඉන්නකොට ඒවගේ කතා පතුරවන එක එතරම් හොඳ දෙයක් නෙමෙයි” යනුවෙනි.