ප්‍රභල කොරෝනා එන්නත මෙරට ජනතාවට අහිමිවෙයි?

කොරෝනා ආසාදිතව අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන්ට ලබා දෙන ”ටොසිලි සුමාබ්” නැමති එන්නත මෙරටට ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා.

ඒ, එම එන්නත් ලබාදීම සිංගප්පූරුව විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමගයි.

තම රටට ද හදිසි භාවිතය සදහා එම එන්නත් අවශ්‍ය විය හැකි බැවින් කිසිඳු එන්නතක් රටින් බැහැර කිරීම වැලැක්වීමටයි සිංගප්පූරු රජය තීරණය කර ඇත්තේ.

අසාධ්‍ය කොරෝනා රෝගීන්ට ලබා දෙන “ටොසිලි සුමාබ්” නැමති එන්නත මෙරටට ලබා ගැනීමට නොහැකි වී යන්නේ එම එන්නතට රට තුල දැඩි ඉල්ලුමක් පවතින මොහොතකයි.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය බලධාරීන් ද තීරණය කළේ කඩිනමින් එම එන්නත් මෙරටට ගෙන්වීමටයි.

ඒ අනුව ඊයේ දිනයේදී එන්නත් 100ක්, ලබන අගහරුවාදා තවත් එන්නත් 100ක් හා සැප්තැම්බර් මුල් සතියේදී තවත් එන්නත් 600 ක් මෙරටට රැගෙන ඒමටයි සැලසුම් කර තිබුණේ.

අසාධ්‍ය කොරෝනා රෝගීන්ට ලබා දෙන “ටොසිලි සුමාබ්” නමැති එන්නතට මෙරට තුල දැඩි ඉල්ලුමක් ඇතිවීමත් සමඟ එම එන්නතට කලුකඩ වෙලදපොලක් ද නිර්මාණය වී ඇති බව නෙත් නිවුස් ඉකුත් බ්‍රහස්පතින්දා පළමු වරට හෙලි කළා.

රුපියල් එක් ලක්ෂ 13,000ක් පමණ වන මෙම එක් එන්නතක් මෙරට කලුකඩ වෙළඳ පොළේ රුපියල් ලක්ෂ 8 ත් 10 ත් අතර මිලකට මේවනවිට අලෙවි වන බවයි එහිදි අනාවරණ කෙරුණේ.

සෞඛ්‍ය බලධාරීන්ට පවා සොයා ගැනීමට නොමැති මෙම එන්නත් මෙරට කලු කඩ වෙළඳ පොළේ ඇත්තේ කෙසේදැයි නෙත් නිවුස් සොයා බැලුවා.

එහිදි හෙළිවුණේ මෙරට ඇතැම් පාර්ශව ඉන්දියාවේ සිටින හිතවතුන් හරහා ගුවන් යානා කපිතාන්වරු මාර්ගයෙන් එම එන්නත් මෙරටට හොර රහසේ ගෙන එන බවයි.

එලෙස රැගෙන ආ එන්නතක් ඉකුත් දිනවල මෙරට ප්‍රකට ව්‍යාපාරයක ඉහළ නිලධාරීයෙකුට ද ලබා දී ඇති බවයි හෙලි වුණේ..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26