අද (20) උදෑසන 6 සිට ප්‍රදේශ දෙකක හුදකලා බව ඉවත් කර තිබේ.
යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ, ඒ අනුව මහනුවර හා කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකක එලෙස හුදකලා බව ඉවත් කළ බවය.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ, කටුගස්තොට පොලිස් බලප්‍රදේශයේ යටිවාවල ග්‍රාම නිලධාරී වසමේ සාගරාදෙණිය වත්ත හා කළුතර දිස්ත්‍රික්කයේ කළුතර උතුර පොලිස් බලප්‍රදේශයේ කුඩා වස්කඩුව බටහිර 710 යන ප්‍රදේශය හුදකලා බවින් නිදහස් කර තිබේ.













