ප්‍රතිඥා දුන් කාන්තාවන්ගේ නම් මෙන්න

සහරාන්ගෙන් ත්‍රස්ත පුහුණුව ලැබූ කාන්තාවක් පසුගියදා මාවනැල්ලේදී අත්අඩංගුවට පත් වුණා.ඇය මොහොමඩ් ඊබ්‍රාහිම් සහිඩා වන 24 හැවිරිදි ඇය මාවනැල්ල බුදු පිළිමවලට පහර දීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් වන මොහොමඩ් ඊබ්‍රාහිම් සාදික් අබ්දුල් හක් සහ මොහොමඩ් ඊබ්‍රාහිම් ෂාහිඩ් අබ්දුල් හක් යන දෙදෙනාගේ නැගණියයි. ඕනෑම අවස්ථාවක මරාගෙන මැරෙන්නට සහරාන් හෂීම් ඉදිරියේ කාන්තාවන් 15 දෙනෙකු ප්‍රතිඥා දී ඇති බවට ආන්දෝලනාත්මක තොරතුරක් ඇයගෙන් පොලිසිය අනාවරණ කරගෙන තිබේ.

සැඟව සිටියදී අත්අඩංගුවට පත් ශාහිඩ් සහෝදරයින් දෙදෙනා මේ වන විට රිමාන්ඩ් භාරයේ පසුවෙයි. එම තරුණිය ද අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කොට ඇප මත නිදහස්ව සිටිය දී යළි අත්අඩංගුවට ගැනුණි.  ඇයගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී වැදගත් කරුණු රැසක් අනාවරණ කර ගැනීමට හැකි වී තිබේ.

2018 කාත්තන්කුඩිහි දී සහරාන් හෂීම් පැවැත්වූ  අන්තවාදී දේශනවලට තමා ඇතුළු කාන්තාවන් 15 දෙනෙකු  සහභාගී වූ බවයි. තමා ඇතුළු එම පහළොස්දෙනාම ආගම වෙනුවෙන් ඕනෑම අවස්ථාවක මරාගෙන මැරෙන්නට සූදානම් යැයි සහරාන් ඉදිරියේ ප්‍රතිඥා දුන් බවට ආන්දෝලනාත්මක හෙළිදරව්වක් ඇය සිදුකර තිබේ.

එම ප්‍රතිඥා දීම හැඳින්වෙන්නේ බයියත් කිරීම ලෙසිනි. එලෙස ප්‍රතිඥා දුන් කාන්තාවන් අතරින් පස්දෙනෙකු පාස්කු ප්‍රහාරයෙන් පසු සයින්දමරුදු හි දී සිදුවු පිපිරීමෙන් මියගොස් තිබේ.

මියගිය මරාගෙන මැරෙන බවට ප්‍රතිඥා දුන් කාන්තාවන්,

  • සහරාන්ගේ මව අබුදුල් සතාර් සිත්ති උම්මා
  • සහරාන්ගේ සහෝදරියක වන මොහොමඩ් කාසිම් හිදායාඅන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ මොහොමඩ්
  • සෙයිනාගේ බිරිඳ වන ආදම් ලෙබ්බේ ෆාතිමා 
  • සහරාන්ගේ සොහොයුරා වන මොහොමඩ් රිල්වාන්ගේ බිරිඳ මොහොමඩ් නස්හත් ෆාතිමා නෆ්නා 
  • අන්තවාදී ක්‍රියාවලට එක් වූ අසාද්ගේ බිරිඳ වන ෆෙරෝසා

රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින මරාගෙන මැරෙන්නට ප්‍රතිඥා දුන් කාන්තාවන්,

  • සහරාන් හෂීම්ගේ සහෝදරිය මොහොමඩ් කාසිම් හිදායා
  • මාවනැල්ල බුදුපිළිමවලට හානි කළ සිද්ධියේ සැකකරුවෙකු වන සාදික්ගේ බිරිඳ මොහොමඩ් පලීල් ෆාතිමා
  • සාහිදා 
  • පාස්කු ප්‍රහාරයට අදාළව ඩුබායි හිදි අත්අඩංගුවට ගැනුණු මොහොමඩ් මිල්හාන්ගේ බිරිඳ වන මොහොමඩ්
  • අහමදුල්ලා ෆාතිමා ජුස්තා

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රැඳවුම් භාරයේ පසුවෙන මරාගෙන මැරෙන්නට ප්‍රතිඥා දුන් සෙසු කාන්තාවන්
හත්දෙනා,

  • සහරාන්ගේ රියදුරා වූ ගෆුර් මාමා නමැත්තාගේ බිරිඳ වන උදුමාලෙබ්බේ ෆරිසානා  
  • සහරාන්ගේ ළඟම ඥාතියෙකුගේ බිරිඳ වන කාත්තන්කුඩිහි මුම්මදු හනීෆා නුස්රා
  • මොහොමඩ් මිල්හාන්ගේ බිරිඳගේ මව වන මොහොම්මදු සාලිහ් ජුෆයිඩියා
  • කාත්තන්කුඩිහි දරුල් අදර් පල්ලියේ සභාපති රවුෆ්ගේ දියණියක වන 22 හැවිරිදි අබ්දුල් රවුෆ් ෆාතිමා සාරා සහ
  • ඇගේ මව වන වන අබ්දුල් කුද්දාස් සිත්ති සාතුනා 
  • කාත්තන්කුඩිහි පදිංචිව සිටි සෙයියදු අහමදු අස්මියා
  • පසුගියදා අත්අඩංගුවට පත් 24 හැවිරිදි මොහොමඩ් ඊබ්‍රාහිම් සහිඩා


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46