spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ප්ලේන් ටී එක 30ට බස්සන්න – විපක්ෂයේ හෝටල් හිමියන්ගෙන් පාරිභෝගිකයාට සහන නැහැ

ගෑස් මිල අඩු කිරීමත් සමඟ ආපනශාලාවල ආහාර පානවල මිල ගණන් ද අඩුකළ යුතු බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසනවා.

ඒ, අනුව ප්ලේන් ටී එකක මිල රුපියල් 30ක් දක්වා අඩුකළ යුතු බවයි සභාපතිවරයා සඳහන් කළේ.

එමෙන්ම ආපනශාලාවල ආහාර මිල ගණන් සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගත යුතු බවත් ඔහු පෙන්වා දෙනවා.

විපක්ෂය නියෝජනය කරන ඇතැම් හෝටල් හිමියන් මෙම සහන පාරිභෝගිකයින් වෙත ලබාදීමක් සිදුනොකරන බවයි ඔහු චෝදනා කර සිටියේ.

ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමට එම සමාගම තීරණය කළ අතර, ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 452 කින් අඩුකරනු ලැබුවා.

කෙසේ වෙතත් ලාෆ් සමාගම තවමත් ගෑස්මිල අඩු කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් මේ වනතෙක් නිකුත් කර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?