ප්ලේන් එකක් තුළ දී අවසන් ගමන් ගිය ශ්‍රී ලාංකික කත

සෞදි අරාබියේ රියාද් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානය තුළ ගමන් ගනිමින් සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් අද (21 උදෑසන එම ගුවන් යානය තුළ ම ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

දසත ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ; මැණික් අප්පුලාගේ මංගලිකා නමැති 49 හැවිරිදි කාන්තාවක් මෙලෙස ජීවිතක්ෂයට පත් ව ඇති බවයි.

ඇය සෞදි අරාබියේ ගෘහ සේවයේ යෙදී සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් විය හැකි බවට මේ පිළිබඳ විමර්ශන සිදු කරන කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් සැක පළ කරනවා.

අද උදෑසන 06.55ට සෞදි අරාබියේ රියාද් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 266 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටියදී, ගුවන් යානය තුළ මෙම මරණය සිදු වී තිබෙනවා.

මෙසේ මියගොස් සිටින කාන්තාව පිළිබඳ වෙනත් වැඩිදුර තොරතුරු සොයා ගැනීමට කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය ප්‍රයත්න දරමින් සිටින අතර, මෙම මෘත දේහය මීගමුව මහ රෝහල වෙත යොමු කර ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34