ප්‍රේම සම්බන්ධය මරණයකින් අවසන් වෙයි

ප්‍රේම සබඳතාවක් හේතුවෙන් ඇති වූ ආරවුලක් මත සිදු කළ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද අලුයම මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ රත්තොට නිකලොයවත්ත ප්‍රදේශයෙන්.

පහරදීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු මාතලේ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවට රෝහල් පොලිසියෙන් ලැබුණු තොරතුරක් අනුව රත්තොට පොලිසිය විසින් මේ පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එහිදී අනාවරණ වී ඇත්තේ මෙලෙස මියගොස් ඇති පුද්ගලයා රත්තොට ප්‍රදේශයේම පදිංචි 39 හැවිරිදි අයෙක් බවයි.

ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් 5 දෙනෙකු ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකුගේ දියණියක් සමග මෙම මියගිය පුද්ගලයා ඇති කරගත් ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් ඇති වූ ආරවුලක් මත ඝාතනය සිදුවී ඇති බවටයි හෙළීවී ඇත්තේ.

මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය රත්තොට රෝහලේ තැන්පත් කර ැති අතර රත්තොට පොලිසියයි වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12