ප්‍රාදේශීය සභා සේවකයන් රෝහලට යැවූ අනතුර (ඡායාරූප)

පුත්තලම – කොළඹ ප්‍රධාන මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේදී අද (20) සිදුවූ රිය අනතුරකින් ප්‍රාදේශීය සභා සේවකයින් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පුත්තලම ප්‍රාදේශීය සභාවට අයත් කසල ප්‍රවාහනය කරන ට්‍රැක්ටර් රථයේ සේවකයින් මෙම අනතුරට මුහුණපා ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

පුත්තලම සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික සුඛෝපබෝගී බස් රථයක් පුත්තලම ප්‍රාදේශීය සභාවට අයත් ට්‍රැක්ටර් රථය පසු කර යාමට උත්සාහ කිරීමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයක සහ ට්‍රැක්ටර් රථයේ පිටුපස ගැටී තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ ප්‍රාදේශීය සභා සේවකයන් හලාවත දිසා රෝහලට ඇතුළත් කර ඇතැයි සඳහන්.

අනතුර සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06