spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රාදේශීය සභා සේවකයන් රෝහලට යැවූ අනතුර (ඡායාරූප)

පුත්තලම – කොළඹ ප්‍රධාන මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේදී අද (20) සිදුවූ රිය අනතුරකින් ප්‍රාදේශීය සභා සේවකයින් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පුත්තලම ප්‍රාදේශීය සභාවට අයත් කසල ප්‍රවාහනය කරන ට්‍රැක්ටර් රථයේ සේවකයින් මෙම අනතුරට මුහුණපා ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

පුත්තලම සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික සුඛෝපබෝගී බස් රථයක් පුත්තලම ප්‍රාදේශීය සභාවට අයත් ට්‍රැක්ටර් රථය පසු කර යාමට උත්සාහ කිරීමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයක සහ ට්‍රැක්ටර් රථයේ පිටුපස ගැටී තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ ප්‍රාදේශීය සභා සේවකයන් හලාවත දිසා රෝහලට ඇතුළත් කර ඇතැයි සඳහන්.

අනතුර සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?