spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකුගේ පුත්‍රයෙකුගෙන් ගුටි වැස්සක්

ප්‍රාදේශීය සභාවක හිටපු සභාපතිවරයෙකුගේ පුත්‍රයෙකු සහ ඔහුගේ සහචරයින් පිරිසක් විසින් බස් රථයක රියදුරුට සහ කොන්දස්තරවරයාටත්, එහි ගමන් කරමින් සිටි මගීන් කිහිපදෙනෙකුටත් පහරදීමේ පුවතක් වාර්තා වී තිබෙනවා.

මෙම පහරදීම අද දහවල් සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

පහරදීමට හේතුව පෞද්ගලික බස් රථ වර්ජනයක දී සිදු වූ බහින්බස්වීමක් බවත් හෙළි ව තිබෙනවා.

අද දිනයේ දී බදුල්ල පෞද්ගලික බස් රථ රියදුරන් වැඩ වර්ජනයක් පවත්වා ඇති අතර, උද්ඝෝෂකයින් පිරිසක් විසින් එක් බස් රථයක් කොළඹ බලා ධාවනය කරවීමට සූදානම් වීමේ දියි මෙම ගැටුම හටගෙන ඇත්තේ.

මෙම පහරදීම හපුතලේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකුගේ පුත්‍රයෙකු විසින් සිදු කරනු ලැබ ඇති බවත් හෙළි වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?