ප්‍රසන්න රණවීරගේ පෙත්සම විභාගයට ගැනීමට දිනදෙයි

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද ? නැද්ද ? යන නියෝගය අප්‍රේල් මස 28 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය දැනුම් දෙනවා.

ප්‍රසන්න රණවීර විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

කැලණිය ප්‍රදේශයේ රජයේ ඉඩමක් නීති විරෝධී ඔප්පු සකසා විකිණීමේ සිද්ධියකට අදාළව තමන්ව අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට මහර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය මාර්තු 17 වනදා විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබුවා.

පොදු දේපළ පනත යටතේ ගැනෙන වැරදි කළ බවට චෝදනා කරමින් පසුගියදා අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ද මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටිනවා.

එම සිද්ධියට අදාළව ප්‍රසන්න රණවීර සහ සරත් කුමාර එදිරිසිංහ සහ මිල්රෝයී පෙරේරා යන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන තවමත් ක්‍රියාත්මකයි.

එවන් පසුබිමකයි හිටපු අමාත්‍යවරයා විසින් මෙම පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරිපත් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14