ප්‍රශ්න කිරීමට පොලිසියට රැගෙන ගිය කතක් ප්‍රශ්න කිරීමේ දී රෝගී වී මරුට

රාජගිරිය ප්‍රදේශයේ පිහිටි නිවසක සිදු වූ දේපළ සොරාගැනීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව ප්‍රශ්න කිරීම සඳහා පොලිසියට රැගෙන ආ කාන්තාවක් හදිසියේ රෝගාතුරව ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා.

වැලිකඩ පොලිස් ස්ථානයට රැගෙන ආ කාන්තාවක් මෙසේ මියගොස් ඇති අතර, මෙලෙස මියගොස් ඇත්තේ බදුල්ල, දෙමෝදර ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි තැනැත්තියක්.

අදාළ නිවසේ ගෘහ සේවයේ නිරතව සිටි මෙම කාන්තාව, නිවසේ අයිතිකාරිය සිදුකළ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම සඳහා වැලිකඩ පොලිස් ස්ථානයට රැගෙනවිත් තිබෙනවා.

එහිදී එම කාන්තාව හුස්ම ගැනීමට අපහසු බවට පැවසීමත් සමඟ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය සඳහන් කළේ.

එලෙස රෝහල් ගතකළ කාන්තාව රෝහලේ දී මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39