spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රශ්න කිරීමට පොලිසියට රැගෙන ගිය කතක් ප්‍රශ්න කිරීමේ දී රෝගී වී මරුට

රාජගිරිය ප්‍රදේශයේ පිහිටි නිවසක සිදු වූ දේපළ සොරාගැනීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව ප්‍රශ්න කිරීම සඳහා පොලිසියට රැගෙන ආ කාන්තාවක් හදිසියේ රෝගාතුරව ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා.

වැලිකඩ පොලිස් ස්ථානයට රැගෙන ආ කාන්තාවක් මෙසේ මියගොස් ඇති අතර, මෙලෙස මියගොස් ඇත්තේ බදුල්ල, දෙමෝදර ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි තැනැත්තියක්.

අදාළ නිවසේ ගෘහ සේවයේ නිරතව සිටි මෙම කාන්තාව, නිවසේ අයිතිකාරිය සිදුකළ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම සඳහා වැලිකඩ පොලිස් ස්ථානයට රැගෙනවිත් තිබෙනවා.

එහිදී එම කාන්තාව හුස්ම ගැනීමට අපහසු බවට පැවසීමත් සමඟ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය සඳහන් කළේ.

එලෙස රෝහල් ගතකළ කාන්තාව රෝහලේ දී මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
9
+1
6
+1
4
+1
10
+1
4
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?