ප්‍රවීන් ජයවික්‍රම වෙනුවට මහීෂ් තීක්ෂණ ටෙස්ට් සංචිතයට

කොවිඩ් ආසාදනය වූ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම වෙනුවට දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සංචිතයට කැඳවා ඇති බව වාර්තා වනවා.

මීට අමතරව ලක්ෂිත මානසිංහ සහ දුනිත් වෙල්ලාලගේ ද ටෙස්ට් සංචිතයට කැඳවීමටයි තීරණය කර ඇත්තේ.

ඒ හේතුවෙන් දෙවන ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් වෙනුවෙන් මහේෂ් සහ දුනිත් වෙල්ලාලගේ අතර තරගය නිර්මාණය වී තිබෙනවා.

මේ අතර ඕස්ට්‍රේලියාව සමඟ පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය සංචිතයෙන් නිදහස් කර ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ.

මීට පෙර කොව්ඩ් ආසාදනය වූ ඇන්ජලෝ මැතිව්ස් සිය නිරෝධායනය අදින් අවසන් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

සංචාරක ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් තරගය ලබන 08 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු තරගය ජයගත් ඕස්ට්‍රේලියාව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ මේ වනවිට පෙරමුණ ගෙන සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26