spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රවීන් ජයවික්‍රම වෙනුවට මහීෂ් තීක්ෂණ ටෙස්ට් සංචිතයට

කොවිඩ් ආසාදනය වූ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම වෙනුවට දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සංචිතයට කැඳවා ඇති බව වාර්තා වනවා.

මීට අමතරව ලක්ෂිත මානසිංහ සහ දුනිත් වෙල්ලාලගේ ද ටෙස්ට් සංචිතයට කැඳවීමටයි තීරණය කර ඇත්තේ.

ඒ හේතුවෙන් දෙවන ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් වෙනුවෙන් මහේෂ් සහ දුනිත් වෙල්ලාලගේ අතර තරගය නිර්මාණය වී තිබෙනවා.

මේ අතර ඕස්ට්‍රේලියාව සමඟ පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය සංචිතයෙන් නිදහස් කර ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ.

මීට පෙර කොව්ඩ් ආසාදනය වූ ඇන්ජලෝ මැතිව්ස් සිය නිරෝධායනය අදින් අවසන් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

සංචාරක ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් තරගය ලබන 08 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු තරගය ජයගත් ඕස්ට්‍රේලියාව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ මේ වනවිට පෙරමුණ ගෙන සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?