ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වූ හෙළ සිනමාවේ මෙන් ම වේදිකා නාට්‍යය, ටෙලි නාට්‍යයෙහි ප්‍රධාන චරිතයක් ලෙස සැලකෙන ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිත ව තිබෙනවා.

අවමංගල්‍යය පිළිබඳ ව අවසන් කටයුතු අද පස්වරු 03ට සිදු කෙරෙන්නේ රාගම ශුද්ධ වූ පේදුරු පාවුලු දේවස්ථානයේ දී ආගමික වතාවත්වලින් පසුවයි.

මෙම සුවිශිෂ්ට රංගවේදියාට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු රාජ්‍ය නායකයන්, වත්මන් නායකයන් මෙන් ම වත්මන් දේශපාලන පක්ෂවල මැති ඇමතිවරුන් ද එක් ව සිටියා.

ක්ෂේත්‍රයේ කලාකරුවන්, ආගමික නායකයින් සේ ම, ජැක්සන් ඇන්තනී නමැති කලාකරුවාට ආදරය කළ බොහෝ රසික පිරිසක් ද එම මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට වරින් වර පැමිණෙන අයුරු දක්නට ලැබුණා.

අනුරාධපුර තලාව මාර්ගයේ දී නුදුරුරේ දී තිරගත වීමට නියමිත ‘සිංහබාහු’ නාට්‍යයේ රූගත කිරීම්වලින් අනතුරු ව ළැගුම්ගෙන සිටි හෝටලය වෙත සිය කැබ් රථය ධාවනය කරමින් සිටියදී, වන අලියෙකුගේ ගැටීමෙන් ජැක්සන් ඇන්තනී මහතා බරපතළ තුවාල ලැබුවා.

කෙසේවෙතත් අනතුරින් දරුණු බලපෑම් එල්ල වීම හේතුවෙන් මාස 14ක කාලයක් ජැක්සන් ඇන්තනී රංගවේදියා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදියි පසුගිය සඳුදා දිනයේ දී (09) අභාවප්‍රාප්ත වූයේ.

සිය වෘත්තීය රංගනය තුළ කලාකරුවෙකුට ලැබිය හැකි ඉහළත ම සම්මානවලින් ද පිදුම් ලැබූ මොහු, ගී පද රචකයෙක්, ගායකයෙක්, ලේඛකයෙක්, ජනමාධ්‍යවේදියෙක් සහ ඉතිහාස විශ්ලේෂකයෙකු ලෙසයි දෙස් – විදෙස් තුළ ප්‍රචලිත වූයේ.

ගුරුගෙදර, අයෝමා, ලොකු දුව, සූරිය අරණ, අග්නිදාහය, මිල්ල සොයා, ප්‍රවේගය, ඇඩ්රස් නෑ සහ ධර්ම යුද්ධය ඇතුළු චිත්‍රපට බොහෝමයකට ඔහු සිය රංගනයෙන් දායක වූ අතර, ‘කන්ද උඩරට ගින්දර’ ජැක්සන් ලියූ කෘතියක්.

මෙරට ප්‍රෞඪ ඉතිහාසය ජාත්‍යන්තරයට රැගෙන ගිය මෙම විශිෂ්ට කලාකරුවා රූපවාහිනි සහ ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකයකු ලෙස ද කලක් කටයුතු කළා.

දැඩි ලෙස ස්වභාවික සෞන්දර්‍යයට හිතවත්කම් පෑ ඒ මහතා දරුවන් තිදෙනකුගේ ආදරණීය පියෙක්.

ක්ලැරන්ස් විජේවර්ධන සමග එක් ව ගායනා කළ ‘දෑස පියාගත් කළ මට මැවෙන්නේ ඔබේ රුව’ යන ගීතය ජැක්සන්ගේ අතිශය ප්‍රසිද්ධියට පත් ගීත අතරින් එකක්.

එමෙන්ම සිය ආදරණීය බිරිඳ වන ප්‍රවීණ රංගන ශිල්පිනී කුමාරි මුණසිංහ සමග එක් ව ගායනා කළ ‘ලන්දේ උකුළ උඩ’ ගීතය ද එතුමාගේ ඉහළ ජනප්‍රියත්වයකින් යුතු ගීතයි.

දෙස් විදෙස් සම්මාන රැසකට හිමිකම් කියන ජැක්සන් ඇන්තනී මහතා සිය අත්දැකීම් මතු පරපුරට දායාද කිරීම සඳහා විවිධ වැඩසටහන් සම්පාදනය කරමින්, ඉගැන්වීම් කටයුතු සඳහා ද එක් වූ සම්පත් දායකයෙකු ලෙස ද ප්‍රසිද්ධියක් උසුලනවා.

1958 වර්ෂයේ ජුලි 08 දා රාගම උපන් මෙම විශිෂ්ට රංගධරයා අභාවප්‍රාප්ත වන විට 65 හැවිරිදි වියෙහි පසුවුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21