ප්‍රවීණ බොලිවුඩ් නළු ධර්මේන්ද්‍ර දිවි ගමනින් සමුගනී

ප්‍රවීණ බොලිවුඩ් නළු ධර්මේන්ද්‍ර අද (24) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කලක් රෝගාතුරව සිටි ඔහු මුම්බායිහි ඔහුගේ නිවසේ දී මිය යන විට ඔහුගේ වයස අවුරුදු 89ක්.

හුස්ම ගැනීමේ අපහසුතාවයක් හේතුවෙන් පසුගිය දින කිහිපයේ ද ඔහු රෝහල් ගත කර තිබූ අතර, ඇතැම් විදෙස් මාධ්‍ය එහිදී ඔහු මිය ගිය බවට අසත්‍ය පුවත් වාර්තා කර තිබුණා.

ඉන්දීය සිනමාවේ කැපී පෙනෙන චරිතයක් වූ ඔහු දශක ගණනාවක් පුරා චිත්‍රපට 300 කට අධික සංඛ්‍යාවක දායකත්වය ලබා දී තිබෙනවා.

හින්දි සිනමාවේ ග්‍රීක දෙවියා ලෙසින් විරුදාවලි ලැබූ ධර්මේන්ද්‍රගේ 90 වන ජන්ම දිනය එළඹෙන දෙසැම්බර් 08 වන දිනට යෙදී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33