ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය සී.කේ. පෙරේරා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවක් මත ඔහු මෙම තනතුරින් ඉල්ලා අස්වී ඇති බව සඳහන්.