දිලුම් කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දෙයි ?

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කරන දිලුම් අමුණුගම ප්‍රවාහන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බව වාර්තා වනවා.

ජනාධිපති කාර්යාලයේ දී ඔහු අද දිවුරුම් දීමට නියමිතව ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

ප්‍රවාහන කැබිනට් අමාත්‍ය ධුරයේ කටයුතු කළ පවිත්‍රා වන්නිආරච්චි ඊයේ විදුලිබල අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා.

ඊයේ දිනයේ ආණ්ඩුවේ අමාත්‍යාංශ තනතුරුවල වෙනසක් සිදු වූ අතර විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් ව සිය අමාත්‍ය ධුරවලින් ඉවත් කර තිබුණා.

මේ අතර, ජනාධිපතිවරයා විසින් සිදු කළ කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින වනජීවී අමාත්‍ය සී.බී. රත්නායක ද සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව යි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !