ප්‍රවාහන ඇමතිගෙන් ප්‍රකාශයක්

දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු වැඩි කරන්නේ ද එසේත් නොමැති නම් විශාල වශයෙන් අතිකාල දීමනා ලබන සේවකයින්ගේ අතීකාල කප්පාදුවක් සිදුකරන්නේ යන්න සම්බන්ධයෙන් සලකා බැලිය යුතු කාලය එළඹ ඇති බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු මුදල ඉතා විශාල ලෙස ඉහළ ගොස් ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු ඉහළ නැංවීම සම්බන්යෙන් මහනුවර දී මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මේ බව සඳහන් කළේය.

“දුම්රියේ ඩීසල් බිල, එහෙම නැත්නම් තෙල් සංස්ථාවට ගෙවිය යුතු ඉන්ධන බිල පවා පියව ගන්න බැරි මට්ටමක තමයි ගාස්තු තියෙන්නේ ඉන්ධන මිල වැඩි වුණ නිසා. එතකොට අනිවාර්යෙන්ම ඉන්ධන මිල පියවා ගැනීම සඳහා අපිට යම් සංශෝධනයකට යන්න සිද්ධ වෙනවා. එහෙම නොකරනවා නම් අපිට අතිශය විශාල අතිකාල දීමනා ලබන සේවකයෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒකෙන් අඩුකරලා ගෙවන්නත් පුළුවන්. මේකෙන් වැඩිකරලා ගෙවන්නත් පුළුවන්. දෙකෙන් කෝකෙන් හරි ගෙවන්න වෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ ගොවියා පාරිභෝගිකයා ගැන හිතන්නේ නෑ - ලාල්කාන්තට යකා නගියි
05:19
Video thumbnail
නොසැලකිල්ල තමයි මේ රටටම බලපාලා තියෙන කිල්ල - බාධා කළොත් තවත් නීතියට යටත් වෙන්න වෙයි
02:48
Video thumbnail
මේ ආණ්ඩුව සමාජයේ පැරදිලා ඉන්නේ - මුළු රටම මීගමුව බන්ධනාගාරයේ සිද්ධිය හා සමානයි..
02:09
Video thumbnail
විවාදයෙන් පසු මුජිබුර් ආණ්ඩුවට සැරටම අමතයි - ඔළු ගණන්වලින් පැරදී හැබැයි එළියේ අපි දිණුම්
02:49
Video thumbnail
රජීව්, සජිත් එක්ක ඩීල් දාලාද ? මේ රටට ආපහු මැතිවරණ නැතිවෙන්න යන්නේ
05:01
Video thumbnail
ගම්පොළ සලිත කරමින් මහවැලි ගඟෙන් හමුවූ නිසල සිරුර - මෙන්න එහි නවතම දර්ශන
00:56
Video thumbnail
කිසිම ලැජ්ජාවක් නැතුව ධුරය දරමින් ඉන්නවා - අධිකරණ ඇමති ගැන දොලවත්ත කට අරියි
04:58
Video thumbnail
සමන් දේවාලයේ සුවිශේෂී රාජකාරියක් ප්‍රථම වතාවට මාධ්‍යයට නිරාවරණය කරයි
03:35
Video thumbnail
ලොරියකට උපමා කරලා ආණ්ඩුවේ ගමන ගැන සැරටම කිව්ව ලාල්කාන්ත - අපි ඕවර්ටේක් කරමින් ඉන්නේ
03:17
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට පඩි දෙන්නේ මහ ජනතාව නෙවෙයි..එහෙම බම්බුවක් නෑ - ළඟදිම ආයේ පඩි වැඩිවෙනවා
05:24