ප්‍රවාහන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත්කල ආචාර්ය (ඉංජිනේරු) ආසිරි කරුණාවර්ධන අද (24) නිල වශයෙන් රාජකාරි ආරම්භ කළා.

ඒ කොස්වත්ත, බත්තරමුල්ල, ‘මග නැගුම මහමැදුර’ පිහිටි අමාත්‍යංශ ලේකම් කාර්යාලයේ දී යි.

මීට පෙර ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ (NBRI) අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කල ආසිරි කරුණාවර්ධන මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙකු වන අතර, ජපානයේ කියතෝ විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා තිබෙනවා.

රාජකාරි ආරම්භ කිරීමේ අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු, එහි ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරු, සහකාර ලේකම්වරු ඇතුළු නිලධාරීන් ද, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය, ජාතික ගමනා ගමන කොමිසන් සභාව ඇතුළු අමාත්‍යංශය යටතේ පවතින ආයතන නියෝජනය කරමින් නිලධාරීන් රැසක් ද එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිගේ කටින් පැන්න දේ..ඉස්සරහට මම ඇමතිකමේ හිටියත් නැතත් මේක ක්‍රමවත්ව ගෙනයන්න
12:42
Video thumbnail
ඇමති වටගලට පොතේ හැටියට වැඩේ කියලා දීපු DV
01:47
Video thumbnail
වාචාලකමේ සීමාවක් තියාගන්න ඔයා - නාමල් කිව්ව දේට වටගලට යකා නගියි
01:27
Video thumbnail
ඊයේ සාකච්ඡාව ගැන නාමල් සැරටම කිව්ව දේ - එදා අනුර හිටියේ..දැන් මං ඇවිල්ලා..අනුර නෑ
02:32
Video thumbnail
සජිත් ප්‍රේමදාස සහ නීතීඥ සංගමයේ සභාපතිට රටම කැළඹෙන චෝදනාවක් ආණ්ඩුවෙන් එල්ල කරයි..
00:32
Video thumbnail
සජිත් ප්‍රේමදාස සහ වටගල ගැටෙයි...
02:23
Video thumbnail
ඇමති වටගලට තද වෙයි.. නාමල් රාජපක්ෂට හොඳවයින් අමතයි...
00:58
Video thumbnail
අධිකරණ ඇමතිට නාමල් රිදෙන්නම දෙයි - විවාදය යනවා ඇමතිතුමා මල් කඩවනද ?
05:58
Video thumbnail
සජිත්ගේ කතාව මැදින් පැන්න අධිකරණ ඇමති නැගිටලා යයි..හැමෝටම හිනා - ඇමතිගේ උගත් කෑල්ල ඉවත් කරනවා
15:44
Video thumbnail
පොලිස් නිලධාරියා දාන සත්තම ? තමුන් වීඩියෝ කරලා දානවා - මම බය නෑ ඕයි..දෙනවා ලයිසන් එක
03:42