ප්‍රයිමූවර් රථයක් මතට කන්ටේනර් ටැංකියක් වැටී පුද්ගලයෙක් මරුට

කොළඹ වරාය බහාලුම් අංගනයේ දී බහාලුමක් ප්‍රයිමූවර් රථය මතට වැටී සිදු වූ අනතුරකින් ප්‍රයිමූවර් රථයේ රියදුරා මියගොස් තිබෙනවා.

ඊයේ (08) සිදු වූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දැදිගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36ක පුද්ගලයෙක්.

බහාලුම පැටවීම සිදුකරමින් සිටි යන්ත්‍ර ක්‍රියාකරු පොලිස් අත්අඩංගුවට ගෙනතිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ වරාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකර බවයි තොරතුරු වාර්තා වුණේ.