spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රමෝද්‍යගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් කරන්න ක්‍රීඩා ඇමතිගෙන් උපදෙස්

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා විසින් මෑතකදී කරන ලද දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට දැනුම් දී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍යාංශය පැවසුවේ 2019 ක්‍රීඩා වැරදි වැලැක්වීමේ පනත යටතේ වරදක් ලෙස සැලකෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සම්බන්ධ තරග පාවාදීම්, නීතිවිරෝධී ක්‍රියා සහ ඔට්ටු ඇල්ලීම් පිළිබඳව තමා සතුව තොරතුරු ඇති බව වික්‍රමසිංහ පසුගියදා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇති බවයි.

එම ප්‍රකාශය ඔහු දරන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති යන තනතුර මත බරපතල ප්‍රකාශයක් වන අතර ඒ සම්බන්ධයෙන් සමාජයේ විශාල කතිකාවතක් නිර්මාණය වී ඇති බවයි අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එබැවින් මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා අමාත්‍යාංශයේ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට උපදෙස් ලබාදී ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.

Ministry of Sports
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?