ප්‍රමෝද්‍යගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් කරන්න ක්‍රීඩා ඇමතිගෙන් උපදෙස්

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා විසින් මෑතකදී කරන ලද දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට දැනුම් දී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍යාංශය පැවසුවේ 2019 ක්‍රීඩා වැරදි වැලැක්වීමේ පනත යටතේ වරදක් ලෙස සැලකෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සම්බන්ධ තරග පාවාදීම්, නීතිවිරෝධී ක්‍රියා සහ ඔට්ටු ඇල්ලීම් පිළිබඳව තමා සතුව තොරතුරු ඇති බව වික්‍රමසිංහ පසුගියදා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇති බවයි.

එම ප්‍රකාශය ඔහු දරන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති යන තනතුර මත බරපතල ප්‍රකාශයක් වන අතර ඒ සම්බන්ධයෙන් සමාජයේ විශාල කතිකාවතක් නිර්මාණය වී ඇති බවයි අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එබැවින් මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා අමාත්‍යාංශයේ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට උපදෙස් ලබාදී ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.

Ministry of Sports


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14