ප්‍රමාද වූ පෙට්‍රල් නැව අද මෙරටට – ඉන්ධන මිලත් යළි වැඩිවෙන ලකුණු

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් අද (24) දිනයේ දී දිවයිනට ළඟාවීමට නියමිත ව තිබෙනවා.

අදාල ඉන්ධන නෞකාව ඊයේ (23) දිනයේ දී දිවයිනට ළඟාවීමට නියමිත ව තිබුණත් එය ප්‍රමාද වන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය ට්විටර් ගිණුමටපණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළා.

මේ අතර වාහන අංක තහඩුවේ අවසන් අංකය අනුව බෙදා වෙන්කළ දිනයන් වලදී ඉන්ධන නිකුත් කිරීමේ යෝජනාවක් පසුගිය දා ඉදිරිපත් වී තිබෙනවා.

කෙසේ වෙතත් එම යෝජනාව ක්‍රියාත්මක කරන දිනය සම්බන්ධයෙන් තවමත් තීරණය ගෙන නැහැ.

මේ අතර අද (24) දිනය තුළදී ඉන්ධන මිලේ වැඩිවීමක් සිදුවිය හැකි බව මෙරට ජාතික පුවත් පත් කිහිපයක්ම වාර්තාකර තිබුණා.

ඉන්ධන මිල සූත්‍රයට අනුව මෙලෙස ඉන්ධන මිල ඉහළ යාමක් සිදුවනු ඇති බවයි ඒ අනුව වාර්තා වන්නේ.

ඒ අනුව ඔක්ටේන් 92 සහ 95 පෙට්‍රල් ලීටරයක මිල 70ත් 80ත් අතර මිලකින් සහ ඩීසල් සහ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 50ත් 70ත් අතර මිලකින් ඉහළ දමනු ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ වනවිට ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 420ක් වන අතර 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 450ක්.

ඩීසල් ලීටරයක් රුපියල් 400 වන අතර සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 445ක් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30