ප්‍රමාද වූ පෙට්‍රල් නැව අද මෙරටට – ඉන්ධන මිලත් යළි වැඩිවෙන ලකුණු

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් අද (24) දිනයේ දී දිවයිනට ළඟාවීමට නියමිත ව තිබෙනවා.

අදාල ඉන්ධන නෞකාව ඊයේ (23) දිනයේ දී දිවයිනට ළඟාවීමට නියමිත ව තිබුණත් එය ප්‍රමාද වන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය ට්විටර් ගිණුමටපණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළා.

මේ අතර වාහන අංක තහඩුවේ අවසන් අංකය අනුව බෙදා වෙන්කළ දිනයන් වලදී ඉන්ධන නිකුත් කිරීමේ යෝජනාවක් පසුගිය දා ඉදිරිපත් වී තිබෙනවා.

කෙසේ වෙතත් එම යෝජනාව ක්‍රියාත්මක කරන දිනය සම්බන්ධයෙන් තවමත් තීරණය ගෙන නැහැ.

මේ අතර අද (24) දිනය තුළදී ඉන්ධන මිලේ වැඩිවීමක් සිදුවිය හැකි බව මෙරට ජාතික පුවත් පත් කිහිපයක්ම වාර්තාකර තිබුණා.

ඉන්ධන මිල සූත්‍රයට අනුව මෙලෙස ඉන්ධන මිල ඉහළ යාමක් සිදුවනු ඇති බවයි ඒ අනුව වාර්තා වන්නේ.

ඒ අනුව ඔක්ටේන් 92 සහ 95 පෙට්‍රල් ලීටරයක මිල 70ත් 80ත් අතර මිලකින් සහ ඩීසල් සහ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 50ත් 70ත් අතර මිලකින් ඉහළ දමනු ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ වනවිට ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 420ක් වන අතර 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 450ක්.

ඩීසල් ලීටරයක් රුපියල් 400 වන අතර සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 445ක් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කයිවාරු කොටා මූ..පේන්නේ නැද්ද මූණත් කළුවෙලා - කිසිම සහනයක් නෑ මිනිස්සුන්ට..වැඩක් නෑ
04:14
Video thumbnail
උරුමයට ඔයාලා කරුමය කියලා හරි දාගන්න..සුරතල් කතා වැඩක් නෑ - චාමරට යකා නගියි
04:26
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46