spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රභාකරන්ගේ දියණිය යැයි පවසා නිකුත් කළ වීඩියෝ ව ව්‍යාජයි

එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන්ගේ උපන්දිනයට පෙර රාත්‍රියේ දී ඔහුගේ දියණිය යැයි පවසා නිකුත් කළ වීඩියෝ ව ව්‍යාජ එකක් බවට තොරතුරු වාර්තා වනවා.

අප වාර්තාකරු පැවසුවේ; එම වීඩියෝ ව ව්‍යාජ යැයි උතුරේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ද පැවසූ බවයි.

මෙම වීඩියෝව සජීවී අයුරින් නිකුත් කරනු ලැබුවේ පෙරේදා (27) දිනයේ දීයි.

එම වීඩියෝව මගින් ප්‍රභාකරන්ගේ දියණිය තවමත් ජීවතුන් අතර යැයි පවසමින් ‘දියණිය’ ලෙසින් පෙනී සිට ඇත්තේ AI තාක්ෂණයෙන් පැමිණි සාමාජිකාවක් බවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පවසනවා.

එලෙස පැමිණි ඇය එල්.ටී.ටී.ඊ සංවිධානයේ අරමුණු සාක්ෂාත් කරගන්නා බවට ද සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ වීඩියෝ පටය පිළිබඳ ව මේ වන විටත් ආරක්ෂක අංශ විසින් අධීක්ෂණයක් සිදු කරන අතර ම වීඩියෝව නරඹා උතුරේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් බොහෝ පිරිසක් පෙන්වා දී ඇත්තේ, ‘ප්‍රභාකරන් ජීවත් ව සිටි සමයේ දී හෝ සිය පවුලේ සාමාජිකයින් කිසිදු අයුරකින් ප්‍රවර්ධනය නොකළ බවයි.

පැවති යුද්ධයේ දී පවා පවුලේ සියලු දෙනා මියගිය බවටත් මෙය යම් කිසි හෙයකින් ඉන්දියාවේ දේශපාලනික වාසියක් මත නිර්මාණය කරන ලද්දක් බවටත් තමන් සැක පළ කරන බව උතුරේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේ වෙතත් අදාළ වීඩියෝ පටය නිකුත් වීමෙන් පසුව ලොව පුරා සිටින එල්.ටී.ටී.ඊ. හිතවාදීන් විශාල ලෙසින් මුදල් එක්රැස් කොට ඇති බවට ද තොරතුරු වාර්තා වන බවයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මාධ්‍ය වෙත පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
5
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?