spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ හොඳම ගෝලයා අල්ලයි

මෙම වසරේ අගෝස්තු මස 04 වැනි දින කඳාන පොලිස් වසමේ සිදු වූ වෙඩි තැබීමට ආධාර අනුබල දුන් වැලිඔය ප්‍රියන්තගේ ගෝලයකු හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය II හි උප ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.ඩබ්.ඒ.ජේ.පී.කේ. වන්නිආරච්චි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ දින කදාන පොලිස් වසමේ දෙල්ගොඩ විහාරස්ථානය ඉදිරිපිට මාර්ගයේ දීයි මෙම වැටලීම සිදු කළේ.

එහි දී හෙරොයින් ග්‍රෑම් 20 මිලි ග්‍රෑම් 400 ක් සමග යතුරු පැදියක් සහ ජංගම දුරකථනයක් සන්තකයේ තබාගෙන සිටි නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඩුබායි වරුණ යන අයගේ ගෝලයෙකු වන දැනට ඩුබායි හි රැඳී සිටින වැලිඔය ප්‍රියන්ත යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය බෙදාහරින ප්‍රධානතම ගෝලයෙකු බවටත්, හෙතෙම ගජබා රෙජිමේන්තුවේ රාජකාරි කළ හිටපු යුද හමුදා සෙබලෙකු බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කඳාන පොලිසිය විසින් සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
2
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?