spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රබල දේශපාලනඥයෙක් කොස් කඳන් ප්‍රවාහනය කරද්දී මාට්ටු

වලංගු බලපත්‍රයක් නොමැතිව නීති විරෝධී ආකාරයෙන් කොස් කඳන් ප්‍රවාහනය කරමින් සිටි වැලිගම ප්‍රාදේශීය ප්‍රබල දේශපාලනඥයෙක් ඇතුළු තවත් දෙදෙනෙකු කුඩා ලොරි රථයක් සමඟ ඊයේ (14) රාත්‍රියේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ රාත්‍රී මුර සංචාරක කටයුතුවල නිරතව සිටී කනංකේ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

අත්අඩංගුවට ගෙන ඇති කොස් කඳන් පෞද්ගලික ඉඩමකින් හෝ එසේ නොමැති නම් කිසියම් රක්ෂිතයකට අයත් ඉඩමකින් කපා ගෙන එන ලද ඒවා ද බවට තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති බවත් ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බවත් පොලිසිය පවසනවා.

කෙසේ නමුත් මෙහි ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන වයස 57 වන ප්‍රාදේශීය දේශපාලනඥයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය දැරූ පුද්ගලයෙකු බවත් වර්තමානයේදී නිදහස් ජනතා පෙරමුණ නියෝජනය කරමින් වැලිගම ආසන සංවිධායක ධුරයේ කටයුතු කරන ප්‍රබල ප්‍රාදේශීය දේශපාලනඥයෙකු බවද පොලිසිය පවසනවා.

සිද්ධියට අදාලව ලොරි රථයේ ගමන් කළ වයස 27 සහ 30 පසුවන කඹුරුගමුව ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයන් දෙදෙනෙකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ප්‍රාදේශීය දේශපාලනඥයා වලංගු රියදුරු බලපත්‍රයක් සහ දැව ප්‍රවාහනය සඳහා වලංගු බලපත්‍රයක් නොමැතිව ලොරි රථයේ රියදුරු ලෙස කටයුතු කොට තිබෙන බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන්.

එ අනුව, වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව ලොරි රථයක් ධාවනය කිරීම සහ බලපත්‍ර නොමැතිව නීති විරෝධී ආකාරයෙන් කොස් කඳන් ප්‍රවාහනය කිරීම ඇතුළු චෝදනා යටතේ ප්‍රාදේශීය දේශපාලනඥයා ඇතුළු පිරිස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
7
+1
2
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?