ප්‍රබල දේශපාලනඥයෙක් කොස් කඳන් ප්‍රවාහනය කරද්දී මාට්ටු

වලංගු බලපත්‍රයක් නොමැතිව නීති විරෝධී ආකාරයෙන් කොස් කඳන් ප්‍රවාහනය කරමින් සිටි වැලිගම ප්‍රාදේශීය ප්‍රබල දේශපාලනඥයෙක් ඇතුළු තවත් දෙදෙනෙකු කුඩා ලොරි රථයක් සමඟ ඊයේ (14) රාත්‍රියේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ රාත්‍රී මුර සංචාරක කටයුතුවල නිරතව සිටී කනංකේ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

අත්අඩංගුවට ගෙන ඇති කොස් කඳන් පෞද්ගලික ඉඩමකින් හෝ එසේ නොමැති නම් කිසියම් රක්ෂිතයකට අයත් ඉඩමකින් කපා ගෙන එන ලද ඒවා ද බවට තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති බවත් ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බවත් පොලිසිය පවසනවා.

කෙසේ නමුත් මෙහි ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන වයස 57 වන ප්‍රාදේශීය දේශපාලනඥයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය දැරූ පුද්ගලයෙකු බවත් වර්තමානයේදී නිදහස් ජනතා පෙරමුණ නියෝජනය කරමින් වැලිගම ආසන සංවිධායක ධුරයේ කටයුතු කරන ප්‍රබල ප්‍රාදේශීය දේශපාලනඥයෙකු බවද පොලිසිය පවසනවා.

සිද්ධියට අදාලව ලොරි රථයේ ගමන් කළ වයස 27 සහ 30 පසුවන කඹුරුගමුව ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයන් දෙදෙනෙකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ප්‍රාදේශීය දේශපාලනඥයා වලංගු රියදුරු බලපත්‍රයක් සහ දැව ප්‍රවාහනය සඳහා වලංගු බලපත්‍රයක් නොමැතිව ලොරි රථයේ රියදුරු ලෙස කටයුතු කොට තිබෙන බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන්.

එ අනුව, වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව ලොරි රථයක් ධාවනය කිරීම සහ බලපත්‍ර නොමැතිව නීති විරෝධී ආකාරයෙන් කොස් කඳන් ප්‍රවාහනය කිරීම ඇතුළු චෝදනා යටතේ ප්‍රාදේශීය දේශපාලනඥයා ඇතුළු පිරිස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිසිම දේශපාලකයෙක් අපිට අද බලපෑම් කරන්න එන්නේ නෑ - පොලිස්පති කිව්ව සැර කතාව
06:37
Video thumbnail
ඔය පළදින තරු පටිවල ඇත්ත වටිනාකම තියෙන්නේ ජනතා සම්මාන තුල - පොලිස් ඇමති කිව්ව සුපිරි කතාව
06:13
Video thumbnail
පොලිස් නිලධාරියා විනය ගරුක නැත්තම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - මිනිස්සු කබලෙන් ළිපට වැටෙන්න බෑ
04:34
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27
Video thumbnail
අද මධ්‍ය රාත්‍රියේ සිට කෙටි ආහාරවල මිල ඉහළ යයි
02:12
Video thumbnail
ජාතික කොඩිය විකෘති කිරීමේ කතාව ගැන CID‍යට පැමිණිල්ලක් - "සිංහයා වෙනස් කරලා රතු පාටින් දාන්න ඕනිලු"
02:37
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03