spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රබලයින් රැසක් රනිල්ගේ සහයට එකතු වෙන්න සාකච්ඡා අරඹයි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මෙන්ම සමගි ජන බලවේගයේ ද විශාල පිරිසක් වත්මන් ජනාධිපතිවරයාට සහයෝගය දීමට සාකච්ඡා කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පවසනවා.

මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව අද (29) දිනයේ මාධ්‍ය හමුවේ අදහස් පළ කරමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ රුවන් විජේවර්ධන කියා සිටියේ වර්තමානයේ බොහෝ පිරිසක් පළමුව මහ මැතිවරණය පැවැත්විය යුතු බව පැවසූවද ව්‍යවස්ථාවට අනුව ප්‍රථමයෙන් පැවතිය යුත්තේ ජනාධිපතිවරණය බවයි.

ඒ සඳහා පොදු අපේක්ෂකයා වශයෙන් වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වන බවද ඔහු කියා සිටියා.

එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ද තම පාර්ශවයට අභියෝගයක් නොවන බව ඔහු තවදුරටත් සදහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
19
+1
0
+1
2
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?