ප්‍රබලතම උපායමාර්ගික අභියෝගය චීනයයි – ජපානයෙන් ප්‍රකාශයක්

තායිවානය අවට සිදු කෙරෙන චීන මිලිටරි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ජපානය නිකුත් කළ ධවල පත්‍රිකාවකට චීනය දැඩි විරෝධයක් පළ කර තිබෙනවා.

ජපානය අදාළ ධවල පත්‍රිකාව නිකුත් කර තිබුණේ චීන ආක්‍රමණයකින් ආරක්ෂා වීමට ඇති හැකියාව පරීක්ෂා කිරීම සඳහා Taoyuan හි ස්වයං-පාලක දිවයිනේ ප්‍රධාන ජාත්‍යන්තර ද්වාරයෙහි තායිවානය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ  “අත්පත් කර ගැනීමේ විරෝධී අභ්‍යාසයෙන්” දිනකට පසුවයි.

බීජිං පාලනය විසින් තමන්ගේම භූමියක් ලෙස ප්‍රකාශ කරන තායිවානය වටා චීනයේ වැඩෙන මිලිටරි ක්‍රියාකාරකම් සහ අවශ්‍ය නම් බලය යොදා එය අත්පත් කර ගන්නා බවට චීනය සිදුකර තිබූ ප්‍රකාශය සම්බන්ධයෙන් ජපානය අදාළ ධවල පත්‍රිකාවෙන් කනස්සල්ල පළකර තිබුණා.

තායිවානය අවට චීන හමුදා ක්‍රියාකාරකම් පිළිබඳ ජපානයේ ධවල පත්‍රිකාවේ විස්තර ගැන කැළඹුණු චීනය, ජපානයට බැරෑරුම් ලෙස ප්‍රකාශයක් නිකුත් කළා.

“ජපානයේ ආරක්ෂක 2023 ධවල පත්‍රිකාව චීනයේ අභ්‍යන්තර කටයුතුවලට බරපතල ලෙස මැදිහත් වන අතර, චීනයේ සාමාන්‍ය ආරක්ෂක සංවර්ධන සහ සමුද්‍ර හා නාවික හමුදා ක්‍රියාකාරකම්වලට මඩ ගැසීම, හිතාමතාම සිදුකර තිබෙනවා. එය කලාපය තුළ ආතතියක් ඇති කරන සුළුයි,” යනුවෙන් චීනයේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක මාඕ නින්ග් ප්‍රකාශ කර තිබුණා.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක, තායිවානය සම්බන්ධයෙන් බීජිං හි ස්ථාවරය නැවත අවධාරණය කරමින් කියා සිටියේ, “තායිවානය චීනයේ භූමියයි. තායිවාන ප්‍රශ්නය බාහිර ඇඟිලි ගැසීම් අවශ්‍ය නොවන  චීනයේ අභ්‍යන්තර කටයුත්තක්” බවයි.

2022 අගෝස්තු මාසයේදී, එවට එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක නැන්සි පෙලෝසිගේ ස්වයං පාලන දිවයිනේ සංචාරයෙන් පසුව චීනය තායිවානය වටා මහා පරිමාණ යුද අභ්‍යාස පැවැත්වීමට පියවර ගනු ලැබුවා .

එක්සත් ජනපදයේ තුන්වන ඉහළම නිලධාරියාගේ තායිවාන සංචාරය සම්බන්ධයෙන් කෝපයට පත් චීනය ස්වයං-පාලක දිවයින වටා අභ්‍යාස පැවැත්වීම සඳහා සිය හමුදා ශක්තියෙන් සැලකිය යුතු කොටසක් භාවිත කළා.

චීනය, තායිපේට ඉහළින් බැලස්ටික් මිසයිල පවා අත්හදා බැලූ අතර, එය පතිත වුණේ ජපානයේ සුවිශේෂී ආර්ථික කලාපයටයි.

ධවල මන්දිරයට අනුව ජපානය එය දුටුවේ තම භූමියට තර්ජනයක් වශයෙන්.

ස්වයං පාලක දිවයිනේ ජනාධිපති ට්සායි ඉන්ග්වෙන් කැලිෆෝනියාවේ දී එක්සත් ජනපද සභා කථානායක කෙවින් මැකාති හමුවීමෙන් පසු, පළිගැනීමක් වශයෙන්, බීජිං 2023 අප්‍රේල් මාසයේදී තායිවාන් සමුද්‍ර සන්ධිය හරහා විශාල යුද අභ්‍යාසයක් නැවත වරක් සිදු කළා.

තෙදින යුද අභ්‍යාසයේ දී චීනය යුධ නෞකා 8ක් සහ ප්‍රහාරක ජෙට් යානා 42ක් භාවිත කළ අතර යොදවා තිබූ සමහර යාත්‍රා ස්වයං පාලක දිවයින ප්‍රධාන ගොඩබිමෙන් වෙන් කරන තායිවාන සමුද්‍ර සන්ධියේ මැද රේඛාව හරහා ගමන් කර ඇති බවයි තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ.

මෙම වර්ධනයන් ජපානයේ උපාය මාර්ගික චින්තකයින්ට සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ට බලපෑවේ ඔකිනාවා ප්‍රාන්තයේ යොනාගුනි දූපත තායිවානයේ සිට කිලෝමීටර් 100ක් දුරින් පිහිටීම සහ එය ප්‍රධාන ආත්මාරක්ෂක හමුදා කඳවුරක් වන බැවිනුයි.

ජපානයට වැඩි ශක්තියක් සපයන නැව් මංතීරු හරහා වැටී ඇති ප්‍රධාන අර්ධ සන්නායක නිෂ්පාදකයෙකු වන ප්‍රජාතන්ත්‍රවාදී තායිවානයට එල්ල වන චීන ප්‍රහාරයක් ටෝකියෝවට හදිසි අවස්ථාවක් නියෝජනය කරන බව ජපාන බලධාරීන්ගේ අදහස වී තිබෙනවා.

කෙසේ වෙතත් ඇමරිකානු බුද්ධි ඒජන්සිය වන සී.අයි.ඒ. නිගමනය කර ඇත්තේ ජනාධිපති ෂී ජින් පින්ට අවශ්‍ය වන්නේ චීන මහජන විමුක්ති හමුදාව සූදානම්ව සිටීම බවයි.

2027 වන විට සමුද්‍ර සන්ධිය හරහා යුද්ධයක් දියත් කිරීමට PLA (මහජන විමුක්ති හමුදාව) සූදානම් වීමට ජනාධිපති ෂීට අවශ්‍ය නමුත් චීන හමුදාවේ හැකියාවන් පිළිබඳව සැකයක් ඇති බව ඇමරිකානු බුද්ධි ඒජන්සිය, CIA නිගමනය කර තිබෙනවා.

එහෙත් තායිවානය වටා PLA හි මිලිටරි ක්‍රියාකාරකම් සැහැල්ලුවට ගැනීමට ජපානය සූදානම් නැති බව පෙනේ.

ධවල පත‍්‍රිකාවේ කැපී පෙනෙන ලෙස දැක්වෙන රුසියාවේ යුක්‍රේනය ආක්‍රමණය ජපාන නායකත්වය කම්පා කර ඇත.

තායිවානය ප්‍රධාන භූමිය සමඟ ඒකාබද්ධ කිරීම සඳහා රුසියාවේ යුද්ධයෙන් පිටුවක් ගැනීමට චීනය බලාපොරොත්තු වන බව ටෝකියෝ විශ්වාස කරයි.

නැගෙනහිර සහ දකුණු චීන මුහුද අවට චීනයේ ක්‍රියාකාරකම් ජපානය ද ශ්‍රේණිගත කර ඇති බව පෙනේ.

චීනය ජපානයේ “විශිෂ්ටතම උපායමාර්ගික අභියෝගය” බව ධවල පත්‍රිකාව මගින් ප්‍රකාශ කළේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී නිකුත් කරන ලද රටේ ජාතික ආරක්ෂක උපායමාර්ගයේ දී ටෝකියෝ භාවිත කළ වාක්‍ය ඛණ්ඩය යළි යළිත් අවධාරණය කරමිනි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42