ප්‍රධාන සැපයුම් නළ මාර්ගයක බිඳවැටිමක් – කොළඹ පැති කිහිපයකට වතුර නැතිවෙයි

අඹතලේ සිට කොලොන්නාව දක්වා ජලය සපයන ප්‍රධාන සැපයුම් නළ මාර්ගයේ සිදුවු හදිසි බිඳවැටිමක් හේතුවෙන් අද (5) රාත්‍රී 8.00 දක්වා ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදනය මණ්ඩලය පවසනවා.

ඒ අනුව මොරගස්මුල්ල, රාජගිරිය, නාවල, ඔබේසේකරපුර හා කොලොන්නාව නගර සභා බල ප්‍රදේශ වෙත මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදනය මණ්ඩලය දැනුම් දී ඇත්තේ.