ප්‍රධාන විධායක නිලධාරීවරයෙකු මරා දැමූ ඝාතකයාගේ ඡායාරූප මාධ්‍යයට නිකුත් කෙරේ

අමෙරිකාවේ යුනයිටඩ් හෙල්ත් සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරිවරයාගේ ඝාතනය සිදු කළ පලා ගිය ඝාතකයාගේ සමීප ඡායාරූපයක් එරට පොලිසියෙන් මාධ්‍ය වෙත මුදාහැර තිබෙනවා.

අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේ; නිව් යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුව විසින් ඝාතනය සිදු කිරීමට ඝාතකයා පැමිණෙන අයුරු දැක්වෙන ආරක්ෂිත කැමරා දර්ශන ආශ්‍රයෙන් මෙය නිකුත් කර ඇති බවයි.

ඝාතකයා ඔහුගේ මුහුණ කිසිදු ලෙසකින් ආවරණය කර නොමැති අතර හිස් වැසුම් සහිත කබායක් පැළඳ සිටිනවා.

පසුගිය දින නිව් යෝර්ක් නගරයේ හෝටලයකින් පිටත පරිශ්‍රයේ දී හෙල්ත් කෙයාර් හි ප්‍රධාන විධායක නිලධාරී වූ බ්‍රයන් තොම්සන්ගේ මෘතශරීරය සොයාගැනුණා.

50 හැවිරිදි තොම්සන් ව පෙරේදා (04) අලුයම නිව් යෝර්ක් හිල්ටන් මිඩ්ටවුන් හෝටලයෙන් පිටතට පැමිණෙමින් සිටියදී සැඟවී සිටි වෙඩික්කරුවෙකුගේ ඉලක්කයට ගොදුරු වූ බවයි වාර්තා වුණේ.

NYPD නිලධාරීන් මෙම ඝාතනය විස්තර කර ඇත්තේ “කලින් සැලසුම් කළ” සහ “ඉලක්කගත” ප්‍රහාරයක් ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12