ප්‍රධාන කරුණු 04ක් යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පරාජයට හේතු විමසයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කිරීමේ කාර්‍යය මණ්ඩලයෙන් සහ ක්‍රීඩකයින් තේරීම් කමිටුවෙන් තරග පරාජයට පැහැදිළි මෙන් ම කඩිනම් පිළිතුරු සැපයීමක් බලාපොරොත්තු වී තිබෙනවා.

විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ; ඊයේ සවස ඉන්දියාවට එරෙහි ව වන්කඩේ ක්‍රීඩාංගණයේ දී ලැබූ අවමන්සහගත පරාජය හමුවේ, මේ වනවිට කණ්ඩායමේ දක්‍ෂතාව
විවිධ පාර්ශ්ව විසින් ප්‍රශ්න කරමින් ඇති බවයි.

එබැවින් ඊට අනිවාර්යයෙන් ම පිළිතුරු බැඳීම සිදු කළ යුතු බව පෙන්වාදෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
සඳහන් කරන්නේ; ඉන්දියාවට එරෙහිව ලැබූ පරාජය කලකිරීමෙන් හෙළා දකින බවයි.

මේ හේතුවෙන් හදිසි මෙන් ම සවිස්තරාත්මක හේතු දැක්වීමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුහුණු කාර්‍යය මණ්ඩලයෙන් ඉල්ලා සිටිනවා.

2023 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම රටක් වශයෙන් ආඩම්බර කරුණක් වුව ද, කණ්ඩායමේ දස්කම් පවතින විටක දී පවා, මෑතකාලීන ව දක්ෂතා දක්වමින්, යළි යළිත් ඒවා අමතක කරමින්, සිදුවන කම්පනසහගත පරාජයන් සම්බන්ධයෙන් හේතු විමසීම සැලකිය යුතු ප්‍රශ්නයක් මතු කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරීත්වය කිසිවිටෙකත් ප්‍රමිති සහ රෙගුලාසිවලට අනුව වෘත්තීය කාර්යය මණ්ඩලයට හෝ ක්‍රිකට් ක්‍රීඩකයින්ට බාධා කිරීම් නොකළ බව ද නිකුත් කළ නිවේදනයේ සඳහන්.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වගවීම, විනිවිදභාව සහ විෂය කරුණු කඩිනමින් විසඳීමේ වැදගත්කම පිළිබඳ ව තරයේ විශ්වාස කරන හෙයින් සමස්ත පුහුණු කාර්ය මණ්ඩලයේ පැහැදිලි කිරීමක් සඳහා වන මෙම කැඳවීම ඉදිරි ක්‍රිකට් අනාගතය සහ කණ්ඩායම සඳහා වැදගත් සාධකයක් බව ද නිවේදනය කර සිටිනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කණ්ඩායමේ පුහුණුකරුවන්ගෙන් සහ උපදේශක කමිටුවේ අවධානය යොමු කළ කරුණු කිහිපයක් පෙන්වා දිය හැකියි.

ඒවා නම්;

  1. උපාය මාර්ගය සහ සූදානම් වීම: තරග අතරතුර කණ්ඩායමේ උපාය මාර්ග, සූදානම සහ උපායශීලී තීරණ පිළිබඳ අවබෝධයක් ලබාදීම.
  2. කණ්ඩායම් තේරීම: එක් එක් තරගය සඳහා ක්‍රීඩක තේරීම් සාධාරණීකරණය කිරීම සහ ක්‍රීඩා කරන XI වෙත සිදු කරන ලද වෙනස්කම් පැහැදිලි කිරීම.
  3. ක්‍රීඩකයින්ගේ කාර්ය සාධනය: පුද්ගල සහ කණ්ඩායම් කාර්ය සාධනය තක්සේරු කිරීම, ශක්තීන් සහ දුර්වලතා ඉස්මතු කිරීම සහ ආබාධයක් හෝ ශාරීරික යෝග්‍යතා ගැටළු විසඳීම.
  4. පශ්චාත්-තරග විශ්ලේෂණය: පුහුණු කණ්ඩායම විසින් පවත්වනු ලබන පශ්චාත්-තරග විශ්ලේෂණ සහ ප්‍රධාන පියවරයන් පැහැදිලි කිරීම.

ඒ අතර වනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරගය පරාජයට හේතුව ඉහත කාරණා මත සාකච්ඡා කිරීමටයි අදහස් කර ඇත්තේ.

පරාජයන් ජයග්‍රහණයේ තීරණාත්මක සාධකයක් වුව ද, මෑතකාලීන ව සිට ලබන පරාජයන් සංඛ්‍යාව ඉහළ යාම වැඩිවීම හේතුවෙන් එය විමසා බැලිය යුත්තක් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33