ප්‍රධානතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වූ ශිරාන් බාසික් මෙරටට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටිමින්, ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වූ ප්‍රධානතම මත්ද්‍රව්‍ය සැපයුම්කරුවෙක්, ජාවාරම්කරුවෙක් වූ මොහොමඩ් ශිරාන් බාසික්, එරටින් පිටුවහල් කර අද (14) දින රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණා.

දෙහිවල, කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි ශිරාන් බාසික් 48 හැවිරිදි වියේ පසුවන්නෙක් වන අතර ඔහු ජාත්‍යන්තර පොලීසිය මගින් නිකුත් කළ රතු වරෙන්තුකරුවෙක්.

ඔහු ඉකුත් ඉරාන – ඇමෙරිකා යුද්ධයේ දී, ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පහර දීම සදහා භාවිතා කළ ඩ්‍රෝන යානා සහ මිසයිලවල ජායාරූප සහ වීඩීයෝ දර්ශන තම ජංගම දුරකථනයේ තබා ගෙන සිටියදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔහු පිළිබද විමර්ශන කටයුතු සදහා ඇමෙරිකාව විසින් එරටට ලබා දෙන ලෙස ඉල්ලීමක් ද කර තිබෙනවා.

ඉකුත් 2018 වසරේ දී ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගොස් තිබූ අතර , අද (14) දින රාත්‍රී 08.48 ට එයාර් ඇරේබියා ගුවන් සේවයේ 3.එල්.- 708 දරන ගුවන් යානයෙන් අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණා.

කටුනායක ගුවන් තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු, මොහු පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත, දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ රැගෙන යාමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයට එරෙහිව පැමිණිල්ලක් - විශාල මූල්‍ය අලාභයක් කරලා..පාඩුව තෙගුණ වෙනවා
04:51
Video thumbnail
අනුර එදා වමට සිග්නල් දාල දකුණෙත් එහාට ගිහින් - සමාජවාදය ෆේල් - ධනය උපයන්න බෑ
07:23
Video thumbnail
සජබයත් - එජාපයත් එකට එකතු වෙනවා..අපි දකුණටත්, වමටත් නෙවෙයි - JRගේ මැද මාවතේ
05:26
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00
Video thumbnail
"මගේ පුතෙක් වගේ ජනාධිපතිතුමා ඔයා" - අනුරපුරේදී ජනපතිට හිමිවූ අපූරු ජනතා ආදරය..
00:39
Video thumbnail
නාමල් බලන්න ආ ප්‍රසන්නව අධිකරණයෙන් පන්නයි - මූණත් අවුල් කරගෙන ගිය හැටි
00:39