spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රදේශ රැසකට අද ගිඟුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (30) දිනයේ දී විශේෂයෙන් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

නැගෙනහිර, දකුණු සහ බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවල අද (30) උදේ කාලයේදී ද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

සබරගමුව, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ද ඇති වීමේ හැකියාව පවතිනවා.

එමෙන්ම දිවයිනේ දකුණු අර්ධයේ අහස වළාකුලින් බරව පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?