spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රදේශ කිහිපයක විදුලි විසන්ධිවීම්

ප්‍රදේශ කිහිපයක විදුලි විසන්ධි වීම් වාර්තා වනවා.

සම්ප්‍රේෂණ පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙලෙස විදුලි බිඳ වැටීම් වාර්තා වන බවයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ.

හම්බන්තොට මාතර ඇඹිලිපිටිය සහ බෙලිඅත්ත යන ප්‍රදේශවල මෙලෙස විදුලි බිඳවැටීම් වාර්තා වූ අතර එය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බව ද මණ්ඩලය සඳහන් කළා.

මේ අතර දකුණු පළාත ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ කිරීම හෙට (24) දිනයේ දී සිදුකරන බව ශ්‍රී ලංකා ජ්‍යේෂ්ඨ විදුලි ඉන්ජිනේරුවරුන්ගේ සංගමය ප්‍රකාශ කර තිබෙනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා සඳහන් කළේ හෙට මෙය සම්බන්ධ කිරීමෙන් අනතුරුව ලක්ෂපාන සිට මෙගාවෝට් 800ක් දකුණු පළාතට ලැබෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?