spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

අද (04) රාත්‍රි 10.00 සිට හෙට (05) අලුයම 5.00 දක්වා පැය 07ක කාලයක් කෝට්ටේ, පිටකෝට්ටේ, බැද්දගාන, මිරිහාන, මාදිවෙල, තලපත්පිටිය, උඩහමුල්ල, ඇඹුල්දෙණිය, නුගේගොඩ, පාගොඩ, විජේරාම සහ නුගේගොඩ, නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා දිවෙන මාර්ගවල ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

මේ අතර අද (04) රාත්‍රී 9.00 සිට හෙට (05) පෙරවරු 6.00 දක්වා පැය 09ක කාලයක් අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ සහ කඩුවෙල ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවයි එම මණ්ඩලය සඳහන් කර සිටියේ.

ඒ අනුව කොළඹ 01, 02, 03, 04, 07, 08, 09, 10 සහ කඩුවෙලට මෙලෙස අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?