තායිලන්ත රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලබා දී තිබූ ‘සක් සුරින්’ හෙවත් මුතුරාජා හස්තියා නැවතත් තායිලන්තයට රැගෙන යාමේ තීරණය පිළිබඳව අද (20) පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කර සිටියා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මෙහිදී සඳහන් කර සිටියේ මේ දකවා රටක් ලෙස මෙම සිදුවීම සම්බන්ධයෙන් කණගාටුව පළකිරීමක් සිදුකර නොමැති බවයි.
ඒ, අනුව මේ සම්බන්ධයන් රාජ්‍ය තාන්ත්‍රිකව කණගාටුව පළකිරීමක් සිදුකළ යුතු බවයි මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ.
එම ප්‍රශ්නයම පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා ද අද (20) පාර්ලිමේන්තුවේ දී විමසීමට ලක් කළා.
ඊට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ මුතුරාජා හස්තියාගේ මෙම සිදුවීම සම්බන්ධයෙන් තමන් පසුගිය දා තායිලන්තයේ සිදුකළ නිල සංචාරය තුළ තායිලන්ත අග්‍රාමාත්‍යවරයා හමුවූ අවස්ථාවේ දී මෙරට කණගාටුව පළකර සිටි බවයි.
අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ මෙම හස්තියාට අවශ්‍ය සාත්තුකිරීම් සහ ප්‍රථිකාර සිදුකිරීම් වලින් අනතුරුව යළි මෙරටට ලබාදීම සම්බන්ධයෙන් අවශ්‍ය ලියකියවිලි නායක ස්වාමීන්වහන්සේලා විසින් භාර දී ඇති බවයි.
මේ අතර මුතුරාජා ඇතා සම්බන්ධ කරුණ නිසා තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වයට කිසිදු ගැටළුවක් මතුවී නැතැයි තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බව, අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
මීට දශක දෙකකට පෙර මෙරටට හිමි වූ මුතුරාජා හස්තියා නිසි ආකාරයෙන් රැක බලා නොගැනීම සහ රෝගාතුර වී සිටීම හේතුවෙන් ප්‍රතිකාර ලබාදීමට යළිත් තායිලන්තයට රැගෙන ඒමට තායිලන්ත රජය තීරණය කර තිබෙනවා.
ඒ, අනුව එම හස්තියා ලබන ජූලි මස පළමු වනදා තායිලන්තය බලා රැගෙන යාමට නියමිතයි.














MEHE UNTA ALI DHA MINISSU DHA KIYALA NAHE. HEMADAMA MARANAWA. ME DEGOLLOMA MARANNE EKKO WEDI THIYALA, EKKO BORU WAL KAPALA, UGUL ADHALA, THUWAKKU BANDHALA NATHINAM MOKAK HARI WAHANEKA HAPPLA. THAILAND WALA EHEMA NAHE. AHALA THIYENAWADHA MEHE WAGEYI ALI MARILLAK. EYALA ALIN TA SALAKANAWA WAGEMA EYALAGE TOURISM WALA LOKU THANAK ALIN TA THIYENAWA. INDIA UNATH EHEMAYI. ALIYA PITE THAMAYI TOURIST LA ARAGENA YANNE. TOURIST LA KIYANNE EUROPE SUDDHO, UN HARIMA BIYAGULU NIWATA, ATHMARTHAKAMEE JATHIYAK NISA SUDDHO INNA EKAMA RATAKA WATH KISIMA WISHALA HO DARUNU SATHEK NAHE. INNE NARI, WOLF, WANI AYA WITHARAYI. UNWATH PALANYA KARALA THIYENNE, AWURUDU 4-5 SEREYAK WEDI THIYANNA MARANNA AWASARA DEELA. ITHIN UN MEHE ENNE HANGILA ALI BALANNAYI, HEELA ALIN GE PITA UDA YANNAYI ASA NISA.